Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #INFOGRAPHIC

පසුගිය වසර හය තුළ වනඅලි මරණ 2425ක්!

Factual
Factual

ගත වූ වසර හයක කාලය තුළ මෙරට වන අලින් 2425 දෙනෙකු සහ අලි - මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 961 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවල සඳහන් වෙයි.

by Anonymous |

මාර්තු 7, 2025

මෙම වසරේ ජනවාරි මාසයේ පමණක් වන අලින් 43 ක් සහ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව එම දත්ත වාර්තා අනාවරණය කරයි.
පසුගිය කාලය තුළ දිගින් දිගටම වන අලින් මිය යාම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් Factseeker ලිඛිත ඉල්ලීමක් කළේ ය. එහිදී ඔවුන් ලබා දුන් දත්ත Factseeker කළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරයි.

විශේෂයෙන් ම වෙඩි වැදීම්, විදුලිසැර වැදීම් සහ හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන් වැඩි වශයෙන් වන අලින් ජීවිතක්ෂයට පත් වන බව එහිදී අනාවරණය විය. පසුගිය 2019 වසරේ සිට 2024 වසර දක්වා ගතවූ වසර හය තුළ සංඛ්‍යාත්මක වශයෙන් ගත් විට, වෙඩි වැදීම් හේතුවෙන් වන අලි 409කුත්, හක්කපටස් ආහාරයට ගැනීමෙන් 356ක් සහ විදුලි සැර වැදීමෙන් වන අලි 316කුත් ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙම කාල වකවානුව තුළ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 185කි.

පසුගිය වසර හය තුළ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 2023 වර්ෂයේදී වන අතර එම සංඛ්‍යාව 488කි. නමුත් වන ජීවී කලාප අනුව සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර බැලීමේදී පසුගිය වසර හය තුළ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් සහ වාර්තා වී ඇත්තේ පොළොන්නරුව වන ජීවී කලාපයෙනි. එම අලි මරණ ප්‍රමාණය 487කි. වැඩිම දේපල හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද පොළොන්නරුව කලාපයෙනි. එය පුද්ගලයින් ලෙස ගත් කළ පුද්ගලයින් 3236 දෙනෙකු ලෙස ගණන් බලා ඇත.

කෙසේ නමුත් අලි – මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වී තිබෙන දේපල හානි පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමේදී FactSeeker හඳුනා ගත්තේ, 2024 දී පුද්ගලයින් 3756 දෙනෙකු දේපල හානිවලට මුහුණ දී ඇති බවයි. එය පසුගිය වසර හය තුළ වාර්තා වූ වැඩිම දේපල හානි සංඛ්‍යාව ලෙස සැලකිය හැකිය.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection