Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

නිල ඡන්ද පත්‍රිකාව (Ballot Paper) නැතිව ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමසාරිස් කිව්වා ද?

False
False

"අපේක්‍ෂකයන්ට තම නම ලැයිස්තුවට ඇතුළත් වුවහොත් ඡන්ද පත්‍රිකාවක් නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කළ හැකියි" යනුවෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූ බව අද (2024.09.20) පළ වූ වීරකේසරි දිනපතා පුවත්පතේ මුල් පිටුවේ පුවතක් පළ කර ඇත.

by Anonymous |

සැප්තැම්බර් 20, 2024

මෙම පුවත පදනම් කරගෙන X අඩවියේ සහ අනෙකුත් සමාජ ජාල පිටුවල අදහස් හුවමාරු වෙමින් පැවති අතර මේ පිළිබඳ සත්‍ය කරුණු තහවුරු කරන ලෙස FactSeekerගෙන් ඉල්ලීම් කර තිබුණි.

වීරකේසරි පුවත්පත වාර්තා කර තිබුණේ ඊයේ (2024.09.19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසූ බවයි.

ඊයේ (2024.09.19) පැවති මාධ්‍ය හමුවේදී  මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම් රත්නායක කළ ප්‍රකාශය සිරස Newsfirst පළ කරන ලද ප්‍රවෘත්තිය අප මෙහි අමුණා ඇත.

https://www.youtube.com/watch?v=4ffeAiKcR68

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝවට අදාළ සබැඳිය පහතින්.

https://www.facebook.com/share/v/KGFofBXobhVNEuXZ/

එහිදී, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් එවැනි කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව අපට නිරීක්ෂණය විය.

එහිදී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් සිටී නම් ඒවා තමාට අදාළ තැපැල් කාර්යාලවලින් තවදුරටත් ලබා ගැනීමේ හැකියාව පවතින අතර අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද එහි නිල පිටපතක් ලබා ගත හැකි බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්දය දැමීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත්, අදාළ තැනැත්තා සතුව වලංගු හැඳුනුම්පතක් තිබේ නම් එය ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එසේ භාවිත කළ හැකි වලංගු අනන්‍යතා ලේඛන ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී ඉදිරිපත් කළේය.

  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු රියදුරු බලපත්‍රය
  • රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
  • වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ)
  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය / පූජක හැඳුනුම්පත
  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
  • ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
  • මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඒ අනුව, ඡන්ද පත්‍රිකාවක්(ballot paper) නොමැතිව ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට වීරකේසරී පුවත්පත වැරදි පුවතක් පළකර ඇති බවත්, “ලැයිස්තුවේ නම ඇතුළත් කළහොත් ඡන්ද පත්‍රිකාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කළ හැකි” බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක නොපැවසූ බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection