Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් වැසිකිළියක් විවෘත කළ බව කියන සේයාරූ පරණයි.

Misleading
Misleading

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් වැසිකියක් විවෘත කරන අවස්ථාවක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප පෙළක් හා එම ඡායාරූප භාවිත කරමින් නිර්මාණය කළ උපහාසාත්මක පළකිරීම් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

මාර්තු 26, 2025

එම නිසා මෙහි කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම සමාජ මාධ්‍ය පෝස්ටු නිරීක්ෂණය වීමෙන් පසු මෙම සිදුවීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේද? යන්න අපි පරීක්ෂා කළෙමු.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ පිළිබඳව කළ ප්‍රකාශයක් ඊයේ (25) හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ කර තිබෙන වීඩියෝවක් හමු විය.

https://www.facebook.com/share/v/1BDjQEzytZ/

තවද එම ප්‍රකාශය ඊයේ (25) අරුණ පුවත්පත ද වාර්තා කර තිබිණි. ඒ “නියෝජ්‍ය ඇමති වැසිකිළියක් විවෘත කරලා ෆේස්බුක් දාලා ” යනුවෙනි.

ඒ අනුව මෙහි සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා FactSeeker නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී පහත මාධ්‍ය නිවේදනය අප වෙත යොමු කළේ ය.

එහි දැක්වුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සහ තොරතුරු මීට වසර 5ක පමණ පෙර පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාකාරී තරුණයින් පිරිසක් සමග කළ සමාජ සත්කාරක සේවාවකදී ගත් ඡායාරූප බව යි. ඒ ප්‍රදේශයේ අසරණ පවුලකට වැසිකිළියක් සාදා දෙන ලද අවස්ථාවක් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

ඒ සඳහා කිසිදු උත්සවයක් හෝ පවත්වා නැති අතර වසර පහකට පමණ පෙර කළ සමාජ සුභසාධන ක්‍රියාවක් බව එමගින් දැක්විණි.

මෙම කරුණ පරීක්ෂා කිරීම සඳහා FactSeeker  ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර මෑත කාලීනව භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම්වල ඒ සම්බන්ධයෙන් කිසිවක් පළ කර නොතිබිණි. නමුත් 2019 මාර්තු 4 දින ඔහුගේ වෙනත් ෆේස්බුක් ගිණුමක එම අවස්ථාව දැක්වෙන පෝස්ටුවක් පළ කර තිබිණි.

https://www.facebook.com/share/p/1BLKNsteY4/

ඒ අනුව, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් ඒ මත පදනම්ව මාධ්‍ය හරහා පළ කර පුවත් හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප පැරණි සිදුවීමකට අයත් ඒවා බව FactSeeker සනාථ කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection