Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

False
False

ඉන්ධන මිල සංශෝධනය කිරීම සහ ජනතාවට ලැබී ඇති සහනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය.

by Anonymous |

සැප්තැම්බර් 9, 2025

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු මේ වන විට ඩීසල් මිල රුපියල් 120 කින් අඩු කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
එම පුවත පහතින්:
https://www.facebook.com/share/v/1EMJNvrcjS/

ගතවූ මාස කිහිපය ඇතුළත ඩීසල් මිල රුපියල් 120 කින් අඩු කර ඇති අතර පෙට්‍රල් සහ භූමිතෙල්වල මිලද පහත ගොස් ඇති බවත් මේ මගින් ජනතාවට සහන රැසක් ලැබී තිබෙන බවත් නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය සත්‍යද? යන්න පිළිබඳව factseeker කරුණු පරීක්ෂා කළේ ය.

මෙහිදී අපි මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදන වෙත අවධානය යොමු කළෙමු.
පසුගිය ජනාධිපතිවරණය පැවැතියේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2024 සැප්තැම්බර් 30 නිකුත් කළ මාධ්‍ය නිවේදනය වෙත අප අවධානය යොමු කළේය. එහිදී රුපියල් 307.00 ක් ලෙස පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක් මිල රුපියල් 283.00 දක්වා අඩු කර තිබිණි. එමෙන්ම රුපියල් 352.00 ක් ලෙස පැවැති ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 319.00 ක් දක්වා ද 332.00 ක් ලෙස පැවැති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 311.00 දක්වා ද අඩු වී තිබිණි.

කාංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 නොවැම්බර් මස 19 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීම 2022 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණි.
එ් අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝනය කෙරුණු අතර අනුර කුමාර දිසානායක ජන‍ාධිපති ධුරයට පත් වීමෙන් පසුව ද මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.එහිදී මිල අඩු වූ අවස්ථා මෙන්ම ඉන්ධන මිල වැඩි වූ අවස්ථා ද තිබිණි.
ඒ මෙසේ ය.

වත්මන් රජය අවසන් වරට එනම්, 2025 අගෝස්තු මස 31 වන දින කළ ඉන්ධන මිල සංශෝධනයේදී රුපියල් 289.00 ක් ලෙස පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 283.00 දක්වා අඩු කළේ ය. සමස්තයක් ලෙස බැලූ විට සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6 කින් ද ,සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ද, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 6 කින් ද ආදී වශයෙන් මිල ගණන් පහත ගොස් ඇති බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමිතෙල් වල මිල මෙම මස සංශෝධනය නොවන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇති බවයි.

මෙම කරුණු අනුව බැලූ කළ 2024.09.30 වනදා වන විට ලංකා සුදු ඩීසල් ලීටර් 1ක් රු.307ක් ලෙස සටහන් වී පසුව වසරක් තුළ මිල සංශෝධනය වී 2025.08.31 වනදා වන විට එය රු.283.00 ක් බවට පත්වී ඇත. ඒ අනුව එම අගයන් සසදා බලන විට එහි වෙනස රු.24.00 ක් ලෙස සටහන් වේ. මේ අනුව අමාත්‍යවරයා සදහන් කරන පරිදි රු.120 ක අඩුවීමක් වී නොමැත.ඊට පෙර අවස්ථා වලද එවැනි අගයකින් මිල අඩුවීමක් පෙන්නුම් නොකරන බව FactSeeker අප කළ විමර්ෂණයන්ගෙන් ද තහවුරු විය.

මීට අමතරව වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ඩීසල් මිල රුපියල් 120 කින් අඩු වී ඇති බව නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න කළ ප්‍රකාශය අසත්‍ය බව දෙරණ අරුණ වැඩසටහනකදී චතුර අල්විස් ද විවේචනයට ලක් කර තිබූ ආකාරය ද අපට දැකගත හැකි විය. එම වීඩීයෝව පහතින්:
https://www.facebook.com/share/v/19NXVsoSSo/
ඒ අනුව නව තෙල් මිල සංශෝධනය සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශය සාවද්‍ය බව fact seeker තහවුරු කරයි.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection