Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

නව ජනපති දළඳා පෙරහැර නතර කරන ලියවිල්ලකට අත්සන් කළේ නෑ.

False
False

අනුර කුමාර දිසානායක දළඳා පෙරහැර නැවැත්වීම සඳහා අත්සන් තැබීමක් ලෙස සඳහන් කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

සැප්තැම්බර් 24, 2024

මෙරට නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (23) පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය. ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව දළඳා වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගැනීම මෙරට රාජ්‍ය නායකයින් අනුගමනය කරන චාරිත්‍රයකි.

අනුර කුමාර දිසානායක දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළඳා මාලිගාවේ අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබීය. මෙයද සම්ප්‍රදායක් ලෙස සිදු කෙරෙන්නකි.

මෙහිදී අනුර කුමාර දිසානායක මෙම සමරු සටහන තබන අවස්ථාව දළඳා පෙරහැර නැවැත්වීම සඳහා අත්සන් තැබීමක් ලෙස සඳහන් කරමින් උපහාසාත්මක මෙන්ම එසේ නොවන සමාජ මාධ්‍ය සටහන් අපගේ නිරීක්ෂණයට ලක් විය.

මේ පිළිබඳව FactSeeker කළ සොයා බැලීමේදී එම අවස්ථාවේ ඡායාරූප, මාධ්‍ය වාර්තා, සමීප වීඩියෝ දසුන් පරීක්ෂා කළ අතර එහිදී අදාළ පෝස්ටුවල දැක්වෙන අන්දමේ කිසිදු කටයුත්තක් එහි සිදු නොවූ බව තහවුරු විය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Tv දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය: https://youtu.be/rcwM3AscvRE?t=53

හිරු Tv ප්‍රවෘත්ති ප්‍රකාශය:https://youtu.be/Ofe5JJsGZUE?t=16

මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ද පදවි ප්‍රාප්තියෙන් පසුව දළඳා මාලිගාවේදී මෙසේ සමරු සටහන් තබා ඇති බව දැක්වෙන පුවත් වාර්තා අපට හමු විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

https://www.facebook.com/share/nt597VQJfuNhAxwo/

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

https://sinhala.news.lk/news/photo-story/item/35817-2019-11-20-10-01-19

ඒ අනුව, අදාළ ඡායාරූපවල දැක්වෙන සිදුවීම දළඳා පෙරහැර නැවැත්වීම සඳහා අත්සන් තැබීමක් නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection