Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

දේශබන්දු තෙන්නකෝන්ගේ තීන්දුවට එරෙහිව එජාපය ලිපියක් ලියලා නෑ

False
False

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව යමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුතු කරනු ලැබූ බව දැක්වෙන ලිපියක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය.

by Anonymous |

ජූලි 24, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව එක්සත් ජතික පක්ෂය නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.
” දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව” යන ශීර්ෂ පාඨය යටතේ එක්සත් ජාතික පක්ෂ නිල ලාංජනය සහිත ලිපි ශීර්ෂයක එහි සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුතුව 2025.07.22 දිනැතිව මෙම ලිපිය සමාජ මාධ්‍යයේ සංසරණය වන අයුරු Factseeker නිරීක්ෂණය කළේ ය.

” ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිනාමයට කලු පැල්ලමක් එකතු කිරීමට වර්තමාන ආණ්ඩුව අද දිනයේ ඉතිහාස ගත වන තීන්දුවක් ලබා දී තිබේ.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාශීලිව හා සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට දිවි හිමියෙන් කැපවූ දේශබන්දු තෙන්නකෝන් මහතා එක්තරා කමිටුවක අනුහසින් ධූරයෙන් පහ කිරීම අරබයා වැරදි පිට වැරදි පටවා ඔහුගේ ප්‍රතිරූඵයට හානි වන ආකාරයට වර්තමාන රජය කටයුතු කිරීම අයුක්ති සහගතය” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබිණි.
එම ලිපිය පහතින්

මෙවැනි ලිපියක් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළේ ද? යන්න පිළිබඳව Factseeker කරුණු පරීක්ෂා කළේ ය.
ඒ අනුව අපි අද ප්‍රධාන ධාරාවේ පුවත්පත් වෙබ් අඩවි නිරීක්ෂණය කළ අතර එවැනි ලිපියක් පළ කර ඇති බව දැක ගැනීමට නොහැකි විය.
එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවියේ එවැනි ලිපියක් තිබේද? යන්න නිරීක්ෂණය කළ ද එහිද එවැනි ලිපියක් පළ කර නොතිබිණි.
ඉන්පසු එක්සත් ජාතික පක්ෂ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී මේ සම්බන්ධයෙන් වන සටහනක් හමු විය. එහි සඳහන් වූයේ මෙම ලිපිය එය ව්‍යාජ ලිපියක් බවට දක්වා තිබිණි.
එම සටහන මෙතැනින් – https://www.facebook.com/share/p/19gtXGwryp/

 

වජිර අබේවර්ධන ද සිය ෆේස්බුක් පිටුවේ මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව සඳහන් කර ඇත.
එය මෙතැනින් – https://www.facebook.com/share/p/198sVnG75P/


“දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව“ මැයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ්‍යයි. එම ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර එවැනි කිසිඳු ලිපියක් මා විසින් හෝ එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර නොමැත. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.” යනුවෙන් වජිර අබේවර්ධනගේ සටහනේ දක්වා තිබිණි.

ඒ අනුව “දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව” මැයෙන් සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection