Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

දේශපාලනඥයන් පාසල්වලට අනවශ්‍ය බව කියූ අගමැති හරිනි ආනන්ද විද්‍යාලයට ගියේ ඇයි ?

Misleading
Misleading

පාසල්වලට දේශපාලනඥයන් ගෙන්වා ගැනීම නතර කළ යුතු බව ප්‍රකාශ කළ නව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දිනක කොළඹ ආනන්ද විද්‍යාලයට ගොස් තිබීම විවේචනය කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන පෝස්ටු FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ඔක්තෝබර් 3, 2024

 

ඒ මෙම ප්‍රකාශවල මෙන්ම එම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව factseeker සොයා බැලීය.

https://www.facebook.com/share/p/tYM9D5mZgHUBpJKB/

එහිදී අග්‍රාමාත්‍යවරිය කළ ප්‍රකාශය පිළිබඳ මූලිකවම අවධානය යොමු කළ අතර ඊට අදාළ ව අවස්ථා දෙකකදී ඇය මෙම ප්‍රකාශය කර ඇති බව අනාවරණය විය.
ඉන් එක් අවස්ථාවක් වූයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති නිලධාරී හමුවකදී කළ අදහස් දැක්වීමකි.

මෙහිදී ඇය සඳහන් ප්‍රකාශ කළේ , රජයෙන් පාසලට වෙන් කරන ප්‍රතිපාදනවලින් ඉදිකෙරෙන ගොඩනැගිලි හෝ කිනම් හෝ දෙයක් නැවත විවෘත කිරීම සඳහා දේශපාලනඥයන් අවශ්‍ය නොවන බවයි. රජයේ අනවශ්‍ය වියදම් අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සඳහන් කරමින් අගමැතිවරිය මෙය ප්‍රකාශ කර තිබුණි.

ඇය ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මෙතැනින් –

https://www.facebook.com/share/v/Q74NdFXu3SDa5ycX/

පසුගිය දින ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් දීමට පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය, පාසල්වලට මහජන නියෝජිිතයි්  ගෙන්වා ගැනීම අනවශ්‍ය බව දෙවන වරටත් ප්‍රකාශ කර තිබුණි. මේ බව අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවියේ පළ කර තිබුණි.

එය මෙතැනින්
https://www.pmoffice.gov.lk/news.php?para=RU5vekFVR2dpQTd2VGRiMkZUNE4wTERha1RFaG1UbFhaNDFydlJnNWQwZ3hvK0Y2R2x3ZVBWSlRLYm1jQzh1bg==

මෙම ප්‍රකාශයන්වල සම්පූර්ණ අදහස් දැක්වීම විමර්ශනය කිරීමේදී ඒ තුළ පාසල්වල දරුවන්ගේ කටයුතුවලට දේශපාලඥයන් සම්බන්ධ කරනොගන්නා ලෙස ඇය සමස්ථ අර්ථයෙන් පවසා තිබුණි.

ඒ අනුව එසේ පවසා තිබියදී අගමැතිවරිය ආනන්ද විද්‍යාලයේ පැවති විදුහල්පති හමුවට පැමිණීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දරගෙන් අපි විමසීමක් කළෙමු.

එහිදී ඇය ප්‍රකාශ කළේ , එම විදුහල්පති හමුවට ජාතික පාසල් 396ක විදුහල්පතිවරු සම්බන්ධ කරගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් අමාත්‍යාංශය තුළ ප්‍රමාණවත් නොවීම නිසා ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාව තෝරාගත් බවයි. එමෙන්ම ඒ සඳහා පාසල් දරුවන් සම්බන්ධ නොවූ බවත් මෙවැනි හමු පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයක් බව ත්ය.

මේ සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායකගෙන් කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කළේ, එය වසර 5කට වරක් පැවැත්වෙන විදුහල්පති හමුවක් බවත් ඒ සඳහා දරුවන් සහභාගී නොවන බවත්ය.

ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති හමුව හුදෙක් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර පැවති හමුවක් වන අතර එය පාසල් දරුවන් සහභාගී වූ උත්සවයක් නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection