Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවත් වුණා ද?

False
False

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර යොමු කළ බව සදහන් ලිපියක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 10, 2024

දිලිත් ජයවීර සර්ව ජනබලය සන්ධානයේ අපේක්ෂකත්වයට පැමිණෙන බව පසුගියදා නිවේදනය කළේය.

සර්ව ජනබලය සන්ධානය සමග එක් වූ සියලුම දේශපාලන පක්ෂ තමා ජනාධිපති අපේක්ෂක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් එහි විධායක සභාවට යැවූ ලිපියක් බව හගවමින් මෙම ලිපිය සකස් කර තිබිණි.

මෙම ලිපිය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින අතර තුර “දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට” යනුවෙන් ‌මුහුණු පොතේ සටහනක් ද හුවමාරු වන බැවින් Factseeker මේ සම්බන්ධයෙන් සොයා බැලීය.

Factseeker ඒ පිළිබදව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාරගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ, මෙය අසත්‍යයක් බවය. මේ සම්බන්ධයෙන් දිලිත් ජයවීර ද ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව ද සඳහන් කළේය.

මෙම ලිපිය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා ඉදිරිපත් නොවන බවට ධම්මික පෙරේරා යොමුකළ ලිපිය සංස්කරණය කරමින් මෙම ලිපිය සකස් කර ඇති බව ද අනාවරණය විය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව සඳහන් කරමින් පැතිර යන පුවත් අසත්‍යයක් බව factseeker අවධාරණය කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection