Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

දළදා පෙරහැරට අලි ඇතුන් නොගන්නා බව හරිනි කිව්වාද?

False
False

මහනුවර දළදා පෙරහැර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය පැවසු බව සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 13, 2024

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස Factseeker වෙත ලැබුණු ඉල්ලීකට අනුව ඒ පිළිබද සොයා බැලීය.

“අලි ඇතුන් යොදා නොගන්නේ නම් දළදා පෙරහැර අපේ පාලනයකදී වුවත් බෞද්ධ ජනතාවට කළ හැකියි – සිංහල, දෙමළ හා මුස්ලිම් අපි හැමෝම එකතු වෙලා පෙරහැර කරමු” යනුවෙන් එලෙස හුවමාරු වන පොස්ටුවේ සදහන් කර ඇත.

එය “දසත news” නම් වෙබ් අඩවියට පළ කර ඇති බවට සඳහන් කර තිබේ.

එබැවින් Factseeker “දසත news” වෙඩ් අඩවිය, ෆේස්බුක් පිටුව සහ යු ටියුබ් නාලිකාව තුළ මෙහි සඳහන් දිනයේ හෝ ඊට ආසන්න දිනයක පළ කර ඇති දැයි අප සොයා බැලු අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකි විය.

එමෙන්ම ප්‍රධාන මාධ්‍ය තුළ මෙය වාර්තා කර ඇති දැයි සොයා බැලු අතර එලෙස වාර්තා කිරීමක් ද කර නොතිබුණි.

එමෙන්ම අදාළ දිනයේ හෝ ආසන්න දිනවලදී ජාතික ජන බලවේගයේ මහජන රැළි තුළ හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර එහිදී ද එවැන්නක් ප්‍රකාශ කර ඇති බවට සාධක හමු නොවුණි.

අපි මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ හරිනි අමරසූරිය එවැනි ප්‍රකාශයක් කර නැති බවයි.

factseeker මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය මහත්මියගෙන් කළ විමසීමේදී  ඇය පැවසුයේ තමන් මෙවැනි ප්‍රකාශයක් නොකළ බවත් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශකයක් බවත්ය.

ඒ අනුව මෙය අසත්‍ය ප්‍රකාශයක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection