Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

False
False

තායි රාජා සහ කැළණි කණ්ඩුල ලෙසින් හැදින්වෙන ඇතුන් දෙපළ නැවත තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව නිරීක්ෂණය කළේය.

by Anonymous |

ඔක්තෝබර් 29, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව සහ රුහුණු කතරගම දේවාලයේ දේවාභරණ වඩමවන “තායි රාජා” සහ “කැළනි කණ්ඩුල” ඇතුන් දෙපළ නිසි ලෙස රැක බලා නොගන්නා බව පවසා තායිලන්ත රජයට නැවත පවරා ගැනීමේ සූදානමක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් කිහිපයක් FactSeeker හට නිරික්ෂණය විය.
එමෙන්ම ඒ සඳහා අවශ්‍ය කටයුතු සඳහා තායිලන්ත රජයේ ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිත බව ද එම සටහන්වල සඳහන් වී තිබිණි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ ආකාරයේ අදහස් දක්වා තිබූ බැවින් FactSeeker එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීය.

මෙරටට හිමිවි ඇති සංස්කාතික සම්පතක් ලෙස සලකා මේ වන තෙක් රජයේ මුදලින් නඩත්තු වුණු මෙම ඇතුන් දෙදෙනා වෙනුවෙන් මෙරට රජය, තායි රජයට පිළිතුරු ලබාදිය යුතු බවට එම සමාජ මාධ්‍ය සටහන් වල වැඩිදුරටත් දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් FactSeeker කරුණු පරීක්ෂා කිරීමේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ වෙබ් අඩවි පරීක්ෂා ක‍ළේ ය. එහිදී මාධ්‍ය වාර්තා කර තිබුණේ, සිය රජයේ එවැනි සූදානමක් නැති බව තායිලන්ත තානාපති පයිතූන් මහාපන්නපෝන් මහතා මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන්ට ප්‍රකාශ කර ඇති බවයි.

https://mawbima.lk/2025/10/27/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD-%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%9C/
මල්වතු මහා විහාරයේ කඨින චීවර පූජාව ඉකුත් 25 වෙනි දින පැවැති අතර ඒ සඳහා තායිලන්ත තානාපතිවරයා ද සහභාගී වී තිබේ. එහිදී මෙම ඇතුන් දෙපළ නැවත තායිලන්ත රජයට පවරා ගැනීමේ සූදානමක් ඇත්දැයි මහ නායක හිමියන් තානාපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී දළදා මාලිගායේ ඇත්පන්තිය භාර නිලධාරී ප්‍රදීප් මියනපලාවගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, එවැනි නිලධාරීන් කණ්ඩාමක් පැමිණෙන බව හෝ ඇත් දෙපළ නැවත පවරා ගන්නා බවට තායිලන්ත රජය දැනුම් දීමක් කර නැති බවයි. එමෙන්ම මෙම ඇතුන් දෙපළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග ලෙසින් ලැබුණු තායි රාජා සහ කැලණි කණ්ඩුල යන ඇතුන් දෙදෙනා නැවත තායිලන්තයට ගෙනයාමට එරට රජය අවධානය යොමුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection