Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

තම රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නොදෙන බව අනුර කුමාර දිසානායක කිව්වා ද?

False
False

"කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නැහැ.ආගම රාජ්‍යයෙන් වෙන් කරනවා. අනුරගෙන් සියලුම මාධ්‍ය ප්‍රධානීන්ට, පුවත්පත් කතුවරුන්ට ලිපියක් " යනුවෙන් සදහන් කළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගෙන ඇත.

by Anonymous |

අගෝස්තු 26, 2024

මෙය ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය සහිතව එහි නායක අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියක් උපුටා දක්වමින් සිරස රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ කළ ප්‍රවෘත්තියක් ලෙස හුවා දක්වමින් මෙම පෝස්ටුව හුවමාරු කර ගෙන තිබිණි.

 

“සංඝ සමුළුවක් පැවැත්වුව පලියට අප ජාතිවාදීන් හෝ ආගම්වාදීන් නොවේ. මාලිමා රජයකදී කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නොලැබෙන අතර අපගේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නොමැත. අප පසුගාමී ජාතියක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස ආගම සලකන අතර රාජ්‍ය සහ ආගම දුරස්ව තබා ගැනීම අපගේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ.” යනුවෙන් ඉහත කී ලිපියෙහි සදහන් කර ඇත.

මේ පිළිබඳව factseeker විසින් සොයා බැලු අතර එහිදී මුලින්ම සිරස newsfirst වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය පිටු තුළ මෙම පුවත පළකර ඇත්දැයි සොයා බැලීය.

එහිදී තහවුරු වුයේ, එම වෙබ් අඩවියේ හෝ සමාජ මාධ්‍ය පිටුතුළ එය පළකර නොමැති බවයි.

එමෙන්ම මෙවැනි ලිපියක් අනුර කුමාර දිසානායක විසින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යැවුවේ ද? යන්න පිළිබඳව Factseeker ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, එවැනි ලිපියක් අනුර කුමාර දිසානායක විසින් යොමු නොකළ බව යි. මෙය ජනතාව නොමග යැවීම සඳහා නිර්මාණය කරමින් හුවමාරු කර ඇති ලිපියක් බව ද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කළේ ය.

මේ අතර ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ සඟ සමුළුවක් පසුගිය 24 දා මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි වගන්තියේ ඇති බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන වගන්තිය ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කිසිදු වෙනසක් නොකරන බව ඔහු එහිදී අවධාරණය කර තිබිණි.

ඒ අනුව “කිසිදු ආගමකට ප්‍රමුඛත්වය නැහැ.ආගම රාජ්‍යයෙන් වෙන් කරනවා.” යනුවෙන් සඳහන් කරමින් අනුර කුමාර දිසානායක හෝ ජාතික ජන බලවේගය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් යවා නැති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection