Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජිල් බයිඩන් අතර ගැටුමක් ඇති වුණේ නෑ.

Misleading
Misleading

ජාත්‍යන්තර සමාජ මාධ්‍ය කළඹමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජිල් බයිඩන් අතර ගැටුමක් ඇතිවන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල X සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී

by Anonymous |

දෙසැම්බර් 16, 2024

එම වීඩියෝව මෙතැනින්:

https://x.com/BehizyTweets/status/1865563137443004836

පැරිසීයේ  ගොතික් නිර්මාණයන්හි ශ්‍රේෂ්ඨතම ඉදිකිරීම ලෙස හැඳින්වෙන නෝට්‍රෙ ඩේම්  (Notre-Dame) දේවස්ථානය පිළිසකර  කර නැවත විවෘත කිරීමේ උත්සවය පසුගිය දෙසැම්බර් 07වනදා පැවැත්විණි. මෙය වසර  පහකට පෙර පිපිරීමකින් විනාශයට පත් වු ප්‍රසිද්ධ දෙව්මැදුරකි. දෙව්මැදුර  යථා තත්වයට පත්කොට ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙය පැවැත්වූ අතර ඒ සඳහා  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජිල් බයිඩන් සහභාගී වී තිබිණි.

බයිඩන් සහ ට්‍රම්ප් හමුවීම පිළිබඳ ව  සමාජ මාධ්‍ය තුළ  විශාල  කතාබහක් ඇති කරමින් බයිඩන් පවුල විසින් ට්‍රම්ප්ට සහය දීම ආදි විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය විය. ඒ අතර,  ප්‍රංශයේ Getty Image කාර්ය මණ්ඩලයේ  ඡායාරූප ශිල්පියකු වන Pascal Le Segretain විසින් මෙම අවස්ථාවේදී ලබා ගත් ට්‍රම්ප් සහ  බයිඩන්ගේ ඡායාරූපයක් සීග්‍රයෙන් හුවමාරු (Viral) වූ අතර එම  ඡායාරූප පාදක කරගනිමින් නිර්මාණය කළ විවිධ පෝස්ටු (Meme) සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය විය.

ට්‍රම්ප් විසින් මෙම ඡායාරූපය”Enemies can’t resist” යන ශීර්ෂයෙන් යුතුව ඔහුගේ truth social නිල සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණි.

එය ට්‍රම්ප් විසින් ඔහුගේ ආයතනයකින් නිකුත් කරන නවතම සුවඳ විලවුන් වර්ගයක් ප්‍රචලිත කිරීම සඳහා යොදාගත් දැන්වීම් උපක්‍රමයක් බව ජාත්‍යන්තර මාධ්‍යවල සඳහන් වේ.

ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබුණේ මෙලෙසින්:

https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://www.cbsnews.com/amp/news/trump-fragrance-jill-biden-fight-fight-fight-perfumes-cologne/&ved=2ahUKEwjwttXN0JyKAxVZ2jQHHTHMFTgQ0PADKAB6BAgdEAE&usg=AOvVaw1_CRxTUqx1HqAg9rhhvXNG

https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://m.economictimes.com/news/international/global-trends/trump-jill-biden-absolutely-in-love-say-netizens-as-friendly-banter-at-notre-dame-re-opening-goes-viral/amp_articleshow/116135097.cms&ved=2ahUKEwjy6_GE0ZyKAxWCr1YBHanvMk4Q0PADKAB6BAgdEAE&usg=AOvVaw09vNmRjq6_XOYJcVlBLZCh

ජිල් බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ගැටුමක් ඇති වන බව දක්වමින් සකස් කළ  ව්‍යාජ වීඩියෝවක් X සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබුණේ මේ අතරතුරය.

මෙම විඩියෝව “Grok” නැමැති කෘත්‍රීම බුද්ධි මෙවලම් භාවිත කරමින්  ඡායාරූපය වීඩියෝවක් බවට පරිවර්තනය කර ඇති බව පැහැදිලි විය. ඡායාරූපයක් වීඩියෝ දර්ශනයක් දක්වා වැඩි දියුණු කිරීමට හැකි කෘත්‍රීම බුද්ධි (AI) පහසුකමක් X සමාජ මාධ්‍ය හරහාම ලබා දී තිබෙන අතර එය “Grok” ලෙස හඳුන්වයි.

මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොවන  බව තහවුරු කරන තවත් සක්ෂියක් ලෙස  ජිල් බයිඩන්ගේ මුහුණ සහ කොණ්ඩයේ අසාමාන්‍ය චලනය වීම් පෙන්වා දිය හැකි ය.

ඒ අනුව, මෙම ඡායාරූපය Grok හි උඩුගත කොට අවශ්‍ය විධාන ලබාදීමෙන් නිර්මාණය කර ඇති ව්‍යාජ  වීඩියෝවක් බව  FactSeeker අනාවරණය කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection