Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඩේලිමිරර් වෙබ් අඩවිය ලෙස ව්‍යාජ වෙබ් අඩවියක්

False
False

ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට බදුවලින් ආදායම් ලැබීම ආරම්භ කරන බව ඇමති විජිත හේරත් ප්‍රකාශ කළේ යැයි ඩේලිමිරර් වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

මාර්තු 14, 2025

මෙය අමාත්‍යවරයා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ලෙස “විජිත හේරත් මහතාගේ නියෝගය පරිදි, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට බදුවලින් ආදායම් ලැබීම ආරම්භ වේ.”යන ශීර්ෂ පාඨයෙන් ඩේලිමිරර් වෙබ් අඩවියේ පළ කර ඇති බවට හුවමාරු කර ගෙන ඇත.

එම සබැඳිය මෙතැනින් – https://shorturl.at/7cx3h

මෙය සත්‍ය ද? යන්න විමසා බලන ලෙස Factseeker වෙත ලැබුණු ඉල්ලීමකට අනුව අපි ඒ පිළිබඳ සොයා බැලුවෙමු.

මෙම සබැඳිය වෙත පිවිසීමේදී එය 2025 පෙබරවාරි 14 වෙනි දින ඩේලිමිරර් වෙබ් අඩවියේ පළ කර ඇති බවට පෙන්වුම් කරයි.

මේ සම්බන්ධයෙන් Factseeker ඩේලිමිරර් වෙබ් අඩවිය පරීක්ෂා කළ බැලූ අතර එහි එවැනි සම්මුඛ සාකච්ඡාවක් හෝ ප්‍රවෘත්තියක් පළ කර නොතිබිණි. එමෙන් ම එම ප්‍රවෘත්තිය පළ කර ඇති වෙබ් අඩවියේ ලාංඡනය හා ඩේලිමිරර් වෙබ් අඩවියේ ලාංඡනය අතර අසමානකමක් ද පවතී.

අපි මේ සම්බන්ධයෙන් ඩේලිමිරර් වෙබ් අඩවියේ ප්‍රධානියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි ප්‍රවෘත්තියක් සිය වෙබ් අඩවියේ පළ නොවූ බවයි. එමෙන්ම ඒ සඳහා භාවිත කර ඇති ලාංඡනය ඩේලිමිරර් වෙබ් අඩවියේ පැරණි ලාංඡනය බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඩේලිමිරර් වෙබ් අඩවියේ ආකෘතියට අනුව සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බව මහජනතාවට දැනුම් දුන් බවත් මෙය ද එවැනි ව්‍යාජ ලෙස සකස් කළ ප්‍රවෘත්තියක් බව ත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection