ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

පැරණි සිම්පත් සඳහා නොමිලේ පිරිනමන ඩේටා දීමනා සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
by Anonymous |
ජූනි 2, 2025

පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බවට වන ශීර්ෂයෙන් වට්ස්ඇප් ඔස්සේ වේගයෙන් හුවමාරු වන පණිවිඩයක් FactSeeker නිරීක්ෂණය කළේය.
එම ඉංග්‍රීසි බසින් එවන ලද පණිවිඩය පහත දැක්වේ.
“CONGRATULATIONS TO ALL DIALOG OLD CUSTOMERS
DIALOG is Offering Free Data to all OLD SIM CARD
✅6 Month Old Sim – 5GB
✅1 Year and above – 10GB
✅5 Years and above – 50GB
✅10 Years plus – 100GB
Hurry Now and check if your DIALOG SIM CARD is eligible for this offer
CHECK HERE👇
(සබැඳියක් දැක්වේ.)”
අප වෙත ලද ඉල්ලීමක් අනුව වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන මෙම පණිවිඩය සම්බන්ධයෙන් FactSeeker කරුණු පරීක්ෂා කළේය.
මේ පණිවිඩයේ සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම කිරීම සඳහා අප ඩයලොග් ආයතනයේ නිල වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පිටු පරීක්ෂා කළ නමුත් ඊට අදාළ කිසිදු පිළිගත හැකි සටහනක් හෝ නිවේදනයක් නොදැක්විණ.
තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා FactSeeker ඩයලොග් ආයතනය සම්බන්ධ කර ගත් අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම හුවමාරු වන පණිවිඩයේ දැක්වෙන ආකාරයේ දීමනාවක් සිය ආයතනය මගින් පිරිනමන්නේ නැති බවයි. එවැනි ප්‍රවර්ධන දීමනාවක් පිරිනමන්නේ නම් එය ඩයලොග් ආයතනය සෘජුව අදාළ පාරිභෝගිකයාගේ දුරකථන අංකයට දැනුම්දෙන බව ද එහිදී පැවසීය.
ඒ අනුව, පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බව දැක්වෙන වට්ස්ඇප් පණිවිඩය සාවද්‍ය එකක් බව FactSeeker තහවුරු කරයි.