Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

False
False

පැරණි සිම්පත් සඳහා නොමිලේ පිරිනමන ඩේටා දීමනා සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

by Anonymous |

ජූනි 2, 2025

පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බවට වන ශීර්ෂයෙන් වට්ස්ඇප් ඔස්සේ වේගයෙන්  හුවමාරු වන පණිවිඩයක් FactSeeker නිරීක්ෂණය කළේය.

එම ඉංග්‍රීසි බසින් එවන ලද පණිවිඩය පහත දැක්වේ.

“CONGRATULATIONS TO ALL DIALOG OLD CUSTOMERS

DIALOG is Offering Free Data to all OLD SIM CARD

✅6 Month Old Sim – 5GB

✅1 Year and above – 10GB

✅5 Years and above – 50GB

✅10 Years plus – 100GB

Hurry Now and check if your DIALOG SIM CARD is eligible for this offer

CHECK HERE👇

(සබැඳියක් දැක්වේ.)”

අප වෙත ලද ඉල්ලීමක් අනුව වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන මෙම පණිවිඩය සම්බන්ධයෙන්  FactSeeker කරුණු පරීක්ෂා කළේය.

මේ පණිවිඩයේ සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම කිරීම සඳහා අප ඩයලොග් ආයතනයේ නිල වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පිටු පරීක්ෂා කළ නමුත් ඊට අදාළ කිසිදු පිළිගත හැකි සටහනක් හෝ නිවේදනයක් නොදැක්විණ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා FactSeeker ඩයලොග් ආයතනය සම්බන්ධ කර ගත් අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම හුවමාරු වන පණිවිඩයේ දැක්වෙන ආකාරයේ දීමනාවක් සිය ආයතනය මගින් පිරිනමන්නේ නැති බවයි. එවැනි ප්‍රවර්ධන දීමනාවක් පිරිනමන්නේ නම් එය ඩයලොග් ආයතනය සෘජුව අදාළ පාරිභෝගිකයාගේ දුරකථන  අංකයට දැනුම්දෙන බව ද එහිදී පැවසීය.

ඒ අනුව, පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බව දැක්වෙන වට්ස්ඇප් පණිවිඩය සාවද්‍ය එකක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection