Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

ඩයලොග් ආසියාටා සමාගමේ පැකේජ මිල ගණන් ඉහළ ගිහින් ද?

Factual
Factual

ශ්‍රී ලංකාවේ වැඩිම පාරිභෝගිකයින් සංඛ්‍යාවක් භාවිත කරන ඩයලොග් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සේවාවන් හි පැකේජ මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පෝස්ටු සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 24, 2024

මේවායේ වැඩි වශයෙන් ඩයලොග් සේවාවන් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.

මේ හේතුව නිසා ඩයලොග් ආසියාටා සමාගමේ සේවාවන් හි මිල ගණන් ඉහල ගොස් ඇති ද? යන්න පිළිබඳ FactSeeker සොයා බැලීය.

මෙසේ හුවමාරු වූ පෝස්ටුවල සඳහන් වූයේ , “Dialog Rs.547 ට තිබුණ පැකේජ් එක දැන් 797” , “අසාධාරණ ලෙස දිනෙන් දින ගාස්තු ඉහළ දමන Dialog සිම්පත භාවාතයෙන් ඉවත් වෙමු.” ආදී වශයෙනි.

අදාළ සබැඳි මෙතැනින් –  https://www.facebook.com/100064481661635/posts/947899377369442/?mibextid=4MzKDw5ooBP2efJs

ඒ අනුව FactSeeker  ඩයලොග් සමාගමේ ශාඛා ප්‍රධානියෙකුගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී ඔහු සඳහන් කළේ, රුපියල් 547 සහ රුපියල් 1299 පැකේජයන් තවමත් ඒ අයුරින්ම පවතින අතර අනෙකුත් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සේවාවන් මිල ගණන් වෙනස් කර ඇති බවයි.

එමෙන්ම රුපියල් 547 පැකේජය තවදුරටත් ක්‍රියාත්මක වේ. එසේ වුව ද  රුපියල් 797 ලෙස නව පැකේජයක් හඳුන්වා දී ඇත.දැනට ක්‍රියාත්මක වන රුපියල් 547 Fun Blaster ඇත්තේ Face book, Whatsapp හා You tube යන සමාජ මාධ්‍ය 03 පමණි.

අලුතින් හඳුන්වා දුන් රුපියල් 797 පැකේජයෙ හි මෙම සමාජ මාධ්‍ය 03 ට අමතරව ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය ද ඇතුළත් කර ඇත. මෙම පැකේජය සඳහා 4 GB ඩේටා සහ මිනිත්තු 100 ක කතා කාලයක් ලබා දී ඇත.අවශ්‍ය අයට මෙම පැකේජය ලබා ගත හැකි අතර රුපියල් 547  පැකේජය දැනට සක්‍රීයව ඇති අතර ඉදිරියේදී රුපියල් 547 පැකේජය අහෝසි වී යනු ඇති බව සඳහන් කළේය.

මිල ගණන් වෙනස් වීම සම්බන්ධව www.dialog.lk  වෙබ් අඩවියේ සහ Dialog App වල සඳහන් ව ඇති බවත් ඒවා යාවත්කාලීන කර ඇති බවත් පැවැසීය.

 

මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවැසුවේ, මෙම පැකේජ ගණන් වෙනස් කර මේ වන විට සතියක් පමණ ඉක්ම ගොස් ඇති බවය.

මෙම පැකේජ මිල ගණන් වෙනස් වීම් තුළ පාරිභෝගිකයින් සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේ ය.

එසේම ඩයලොග් ආසියාටා සමාගම විසින් තම පාරිභෝගික ප්‍රජාව වෙත මෙම පැකේජ වැඩිවීම සම්බන්ධව කෙටි පණිවිඩයක් ද යොමු කර ඇත. ඇතැම් පාරිභෝගිකයින් මෙය සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණි.

ඒ අනුව සමාජ මාධ්‍යවල සඳහන් ආකාරයට පැකේජවල මිල ගණන් වෙනස් වී ඇති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection