ජෝ බයිඩන් මිය ගිය බව කියන පුවත් සාවද්‍යයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ජාතික ධජය අඩකුඹු කර ඇති බවත් දැක්වෙන ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
ජූලි 29, 2024

“Flags at Capitol are at half-mast. Joe Biden has passed away” යනුවෙන් සඳහන් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් Factseeker ඇමරිකානු මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා කර නැති බව නිරීක්ෂණය වුණි.
බයිඩන් ජනාධිපතිවරයාට පසුගියදා කොවිඩ් වෛරසය වැළදී තිබු අතර මේ වන විට ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනයෙන් සුව වී රාජකාරී කර ගෙන යන බව ද ධවල මන්දිර වෛද්‍යවරයා ඉකුත් 22 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබදව වැඩිදුර සොයා බැලීමෙදී අනාවරණය වුයේ පසුගිය ජුලි 19 දා ටෙක්සාස් ඩිමොක්‍රටික් නියෝජිත ෂීලා ජැක්සන් ලීගේ අභාවයෙන් පසුව කැපිටල් හි ඇමරිකානු ධජය පහත හෙලීමට කටයුතු කර ඇති බව යි.
කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකුගේ මරණයෙන් පසු අවම වශයෙන් දින දෙකක්වත් ජාතික ධජය අඩකුඹු කොට තබා ගත යුතු බව ෆෙඩරල් නීතියට අනුව අවශ්‍ය වේ. ඒ අනුව මෙලෙස ජාතික ධජය අඩකුඹු කර තබා ඇති බව පැහැදිලි වේ.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.