Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනාධිපතිවරණයේදී ඡන්දය ඡන්දය දෙන්නේ කොහොම ද?

False
False

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වීමත් සමග එහි උණුසුම ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් පාක්ෂිකයින් විවිධ උත්සාහයන් දරමින් සිටිති.

by Anonymous |

සැප්තැම්බර් 15, 2024

මේ අතර ඡන්දය ප්‍රකාශ කරන ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ලබා දෙන සමාජ මාධ්‍ය සටහනක් Factseeker ට නිරීක්ෂණය විය. මෙය ඡන්ද දායකයින් නොමග යවන ආකාරයෙන් පළ කර තිබිණි.

එම සටහන මෙසේ ය.

සජිත්ට මනාප තුනම දෙන්නේ මෙහෙමයි

පළමු මනාපය ☎️1️⃣

මනාප දෙකම ☎️1️⃣2️⃣

මනාප තුනම  ☎️1️⃣2️⃣3️⃣

පළමුව සජිත් නම් 1

පළමුවත් දෙවනුවත් සජිත් නම් 12

පළමුවත් දෙවනුවත් තෙවනුවත් සජිත් නම් 123

මනාප වැඩි කරමු – සජිත් ජනපති කරමු

මෙහි සඳහන් ආකාරයට එකම පුද්ගලයාට ඡන්දය සහ මනාප දෙකක් ලබාදිය හැකි බවට උපදෙස් දී තිබුණි.

ඡන්දය ලබා දෙන නිවැරදි ක්‍රමවේදය

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ තොරතුරු සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය මෙසේය,

  • ඡන්ද දායකයෙකු එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, අංක 01 භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
  • ඊට අමතරව කතිරය (x) භාවිත කර ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර එය ද වලංගු ඡන්දයක් ලෙස පිළිගනු ලැබේ.
  • අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟ කරන විට, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි සහ තුන්වැනි මානප ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව තිබේ.

එය මෙසේය,

  • ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරියේ වෙන්කර ඇති කොටසේ අංක 1 පමණක් සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුය.
  • ඉන් පසුව තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට ඔවුන්ගේ නම ඉදිරියේ වෙන් කර ඇති කොටස තුළ අංක 2 සහ අංක 3 භාවිතයෙන් මනාප පළ කළ හැකියි.
  • අවශ්‍යනම් ඡන්ද පමණක් පළකර මනාප සලකුණු නොකර වුවද ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මීට අමතරව වෙනත් ආකාරයට ඡන්දය සලකුණු කිරීම මගින් ඡන්දය අවලංගු වන අතර එම ක්‍රම වන්නේ,

  • කිසිම අපේක්ෂයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විට
  • එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට . ( අංක 1 හෝ කතිරය ස්ථාන කිහිපයක සලකුණු කර ඇති විට)
  • අංක 1 සහ කතිරය යන දෙකම සලකුණු කර ඇති විට
  • දෙවැනි හෝ තුන්වැනි මනාපයන පමණක් සලකුණු කර ඇති විට.
  • ඡන්දදායකයාගේ නම හෝ දුරකතන අංකය ආදී හදුනාගත හැකි යමක් පත්‍රිකාවේ ලියා ඇති විට
  • අංක 1 හැර වෙනත් ලකුණුක් සමග 2 , 3 මනාප සලකුණු කර ඇති විට
  • 1 , 2 , 3, ට වඩා ඡන්ද සහ මනාප සලකුණු කර ඇති විට.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමේදී ඔහු අවධාරණය කළේ, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම සටහන නොමග යවන සටහනක් බව යි.

ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සහ මනාප ලබා දෙන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වරින් වර ජනතාව දැනුවත් කරන බවත් ඒ සම්බන්ධයෙන් ඡන්ද දායකයින් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය බව ත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව “සජිත්ට මනාප තුනම දෙන්නේ මෙහෙමයි” යනුවෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පෝස්ටුව නොමග යවන සටහනක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection