Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනපති නියමයෙන්, ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා කතාව බොරුවක්!

False
False

අසාධාරණ ලෙස කොමිස් ලබාදිය නොහැකි බැවින් ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කර ඇති බව හැඟවෙන පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමට පටන් ගෙන තිබේ. එම පෝස්ටු 'එසැණ' ලේබලය සහිතව නිර්මාණය කර ඇති බව පෙනීයන නමුත්, 'එසැණ' එවැනි පුවතක් මෑතකාලීනව වාර්තා කර නොතිබූ බැවින් එහි සත්‍ය අසත්‍යතාව පිරික්සා බැලීමට FactSeeker තීරණය කළේය.

by Anonymous |

මාර්තු 4, 2025

එම පෝස්ටුවල සඳහන් වූයේ, “වැඩිය දැඟලුවොත් ෂෙඩ් රජයට ගන්නවා. අසාධාරණ කොමිස් දෙන්න බෑ. – ජනපති තරයේ අවධාරණය කරයි” යනුවෙනි.

‘එසැණ මීඩියා’ ශ්‍රී ලංකාව පාදක ඩිජිටල් පුවත් සේවාවක් වන අතර, එය එසැණ වෙබ් අඩවිය, ෆේස්බුක්, X, යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ හෙළකුරු ජංගම දුරකථන යෙදුම ඔස්සේ පුවත් බෙදා හරිනු ලැබේ.

අප, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කළ අතර මෙවැනි පුවතක් කිසිදු ‘එසැණ’ වේදිකාවක ආසන්න දිනයකදී පළ කර නොමැති බව එහිදී සනාථ විය.

පෝස්ටුවේ සඳහන් ඡායාරූපය සහිතව ‘එසැණ’, 2024.02.06 දින පුවතක් පළ කර තිබූ නමුත් ඒ වෙනත් කරුණක් සම්බන්ධ පුවතකි.

ඒ අනුව මෙම පෝස්ටු පැරණි ප්‍රවෘත්ති වාර්තාවේ ඡායාරූපය යොදාගනිමින් ව්‍යාජ ලෙස සකසා පළ කර ඇති බව FactSeeker ට තහවුරු විය.

ජනාධිපතිවරයාගේ මෙම ඡායාරූපය මුල් වරට පළ කර තිබුණේ 2024.10.16 දින ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් තුළය. එය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක ඡායාරූපයකි.

මෙවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ රජයේ හෝ ජනාධිපතිවරයාගේ නිල මාධ්‍ය වාර්තා කර ඇත්ද යන්නද අපි පරීක්ෂා කළෙමු. එහෙත් එවැනි පුවතක් වාර්තා කර නොතිබිණ.

මේ සම්බන්ධයෙන් FactSeeker ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් විසින් ද තහවුරු කළේ ජනාධිපතිවරයා එබඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවය.

ඒ අනුව, ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරනු ලැබූ බව දැක්වෙන පෝස්ටු ව්‍යාජ ලෙස සකස් කර ඇති පෝස්ටු බව FactSeeker තහවුරු කරයි.

தமிழ்

|

English

|

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection