Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනපති අනුර මාකඳුරේ මදූෂ් ගේ අවමංගල්‍යයට ගියේ නෑ.

False
False

සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ අවමංගල්‍ය උත්සවයට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වූ බව දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

පෙබරවාරි 25, 2025

https://www.facebook.com/share/p/1FEo9W7qZv/

මෙම ඡායාරූපවලින් එක් ඡායාරූපයක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුවට සමාන අයෙකුගේ රුවක් දැක්වෙන අතරම අනෙක් ඡායාරූපයේ ජනාධිපතිවරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයක ඡායාරූයක් පවතී .

ඒ අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මාකඳුරේ මදූෂ්ගේ අවමංගල්‍යයට සහභාගී වූයේ ද? යන්න පිළිබඳව Factseeker විමසා බැලීය.

එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට යැවූ ලිපියක් අපට හමු විය. එහි සඳහන් වූයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මාකඳුරේ මදූෂ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වී ඇති බව තරංග ලක්මාල් නැමැති අයෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි ඡායාරූපයක් පළ කර ඇති බවයි.

තහවුරු කර ගත් මූලාශ්‍රයකින් තොරව පළ කර ඇති මෙම ෆේස්බුක් පෝස්ටුව සම්බන්ධයෙන් සුදූසු විමර්ශනයක් කර ඒ මත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර ඒ ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

https://www.facebook.com/share/p/18pns5ZAg2/

Factseeker අදාල ඡායාරූප පරික්ෂා කිරීමේදී එහි මුල් ඡායාරූපය සොයා ගැනීමට හැකිවිය. එය 2020 ඔක්තොම්බර් 20 වනදා 100 talks ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ ඡායාරූපයක් බව හඳුනා ගැනීමට හැකි විය.

මෙහි අනෙක් ඡායාරූපය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ඡායාරූපය සිය මවගේ අවමංගල්‍ය උත්සවයේදී ගත් ඡායාරූපයක් බව යි.

ඒ අනුව මාකඳුරේ මධූෂ්ගේ අවමංගල්‍ය සඳහා අනුර කුමාර දිසානායක සහභාගී වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection