Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනපති අනුරගේ නියමයෙන් තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ තහනම් ද?

False
False

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී ජෝශප් විජේ (තලපති විජේ) රංගනයෙන් දායක වන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් වත්මන් ජනාධිපතිවරයා නියෝග කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් Fact Seeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

අගෝස්තු 27, 2025

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී ජෝශප් විජේ (තලපති විජේ) රංගනයෙන් දායක වන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට  ජනපති අනුර කුමාර දිසානායක නියෝග කර ඇති බව සදහන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු  අපට දැකගත හැකි විය.
“තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම්!ජනපති අනුර නියෝග කෙරේ .” යනුවෙන් හුවමාරු වන මෙම ප්‍රවෘත්තිය නිරීක්ෂණය කිරීමේදී එය සිරස නාලිකාවේ News first නිල ලාංඡනය සහිතව 2025.08.25 වෙනි දින www.Newsfirst. lk වෙබ් අඩවියේ පළ කර ඇති බව දැක ගත හැකි විය.
එම පුවත පහතින්:
https://www.facebook.com/share/p/15Be2WfpmNi/?mibextid=wwXIfr

ඒ අනුව Factseeker මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව කරුණු පරීක්ෂා කළේ ය.
එහිදී අපි ජෝශප් විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේද? යන්න පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ , ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එවැනි නියෝගයක් කර නැති බවයි.
මෙවැනි පුවතක් 2025.08.15 දින www.Newsfirst.lk වෙබ් අඩවියේ හෝ එම සමාජ මාධ්‍ය පිටුවල පළ කර ඇතිදැයි වැඩිදුරටත් සොයා බැලීමේදී එවැනි පුවතක් පළ කර නොමැති බවට තහවුරු විය.
අපි මේ සම්බන්ධයෙන් සිරස News first ප්‍රවෘත්ති අංශයෙන් කළ විමසීමේදී ඔවුන් ද ප්‍රකාශ කළේ, සිය නාලිකාවේ හෝ වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය පිටුවක හෝ එවැනි පුවතක් පළ නොකළ බවයි.
ඒ අනුව ජෝශප් විජේ රංගනයෙන් දායක වන සිනමා පට ලංකාව තුළ ප්‍රදර්ශනයට තහනම් යනුවෙන් ජනාධිපති නියෝගයක් ලෙස දැක්වෙන පුවත සාවද්‍ය බව Factseeker කරුණු තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection