Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

Factual
Factual

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මනියේ සංචාරය, නිල සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බව හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය

by Anonymous |

අගෝස්තු 26, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක  ජර්මනියේ ජනාධිපතිවරයා හමුවුණ ද එම  සංචාරය පෞද්ගලික සංචාරයක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහිදී ප්‍රකාශ කළා ය.

 ඉකුත් 23 වෙනි දින News center යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී මංජුල බස්නායක මෙහෙයවන සම්මුඛ සාකච්ඡාවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම අදහස් පළ කර තිබිණි. 

එය මෙතැනින් – https://x.com/SPriyawickrama/status/1959940313742729480

මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී තිබූ නිසා ඒ පිළිබදව සොයා බැලීමට FactSeeker  කටයුතු කළේය.

 ඒ අනුව අපි, මේ හා සම්බන්ධයෙන් වන නිල වාර්තා පිළිබදව අවධානය යොමු කළෙමු. 

විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හා ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී මේ සම්බන්ධව කර තිබූ පළකිරීම් සොයා ගැනීමට හැකිවිය.

 2025.06.11 සිට 2025.06.13 දින දක්වා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වී තිබිණි.  මෙම සංචාරයේදී බර්ලිනයේ බෙල්වීව් මාලිගයේදී ජර්මානු සන්නද්ධ හමුදාවන් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන පෙළපාලියකින් ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සවාකාරයෙන්  පිළිගෙන ඇත. ඒ ආකාරයෙන් ගෞරව පෙළපාලි පිරිනමා ජනාධිපතිවරයා පිළිගෙන තිබූ බැවින් මෙය නිල වශයෙන් සිදු කළ සංචාරයක් බව පැහැදිලිය. එමෙන්ම එම සංචාරයේ න්‍යාය පත්‍රය ද  රාජතාන්ත්‍රික හමුවිම් ද පැහැදිලිව දක්වා තිබුණි.  

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරන ආකාරයට මෙය පෞද්ගලිකව සිදු කළ සංචාරයක් නොවන බව පැහැදිලිය.

මේ අතර නැවතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මාධ්‍යයට කළ ප්‍රකාශයක් ද News Center නාලිකාව ඊයේ  (25) පළ කර තිබිණි. මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදහස් දක්වා තිබූ අතර එහිදී ඇය ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධ වූ ජර්මනිය නිල සංචාරය රාජතාන්ත්‍රික සංචාරයක් මෙන්ම සිය පක්ෂයේ ගමනක් ද මෙහිදී ගොස් තිබෙන බවයි. 

එය මෙතැනින් – https://x.com/NewsCenterLk/status/1959983970826994052 

අපි මෙහිදී ජනාධිපතිවරයා පක්ෂයේ කටයුත්තක් සඳහා ද මෙම සංචාරයේදී ගියේදැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසුවෙමු. එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කළේ, සංචාරයේ අවසාන දින (ජුනි 13) ජර්මනියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමක් තිබුණු අතර  ජර්මනියේ වෙසෙන ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් මෙම හමුවීම සංවිධානය කර තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ ද  නිල සංචාරයේ අවසන් දිනයේ ජර්මනියේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිත බව දක්වා තිබුණි. 

එමෙන්ම එම අවස්ථාවේ ඡායාරූප ද මාධ්‍ය ඔස්සේ  පළකර තිබුණි. https://www.facebook.com/share/p/1EnkfUMpLW/

  මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තෙදින ජර්මනියේ සංචාරය රාජතාන්ත්‍රික සංචාරයක් බවත් එහිදී ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුව නිල වශයෙන් සිදුවූවක් බවත් Fact Seeker තහවුරු කරයි.

 

 

 

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection