Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ජනපතිවරණය පැවැත්වීම කල් යන බවට පළවන පුවත් අසත්‍යයි.

Factual
Factual

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම තවත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළ බව මව්බිම පුවත්පත අද (25) වාර්තා කර තිබිණි.

by Anonymous |

ජූලි 25, 2024

“ජනාධිපතිවරණය පැවැත්වීම තවත් කල් යයි” යනුවෙන් එම පුවතේ සිරස්තලය වූ අතර එම පුවත තවත් වෙබ් අඩවි කිහිපයක් ද වාර්තා කර තිබෙන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

මේ අතර මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වෙන් දිනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් යන  බවට සදහන් පුවත් හුවමාරු වන බැවින් මෙය ජනතාව තුළ ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් Factseeker   මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකගේ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බවට පළවන පුවත් අසත්‍ය වන අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කරන බව ත් ය.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් ද මැතිවරණ කොමිෂන් සභාව අද නිකුත් ක‌ළේ ය.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට පත් කරන බව එම නිවේදනයේ සදහන් වී තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වන බව ප්‍රධාන ධාරාවේ පුවත්පත් මෙන්ම වෙබ් අඩවි පළ කළ පුවත් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

අගෝස්තු 26, 2025

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection