Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

ජනපතිවරණයේදී පොරොන්දු වූ උපාධිධාරී රැකියා අය – වැයේ පොරොන්දු අතර නෑ.

Factual
Factual

හෙදියන් සහ පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවන් විශාල සංඛ්‍යාවක් ද රැකියා විරහිත උපාධිධාරීන් 35 000 ක් 40 000 ක් පමණ සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අය - වැය දෙවනවර කියවීමේ විවාදයේදී ඉකුත් 21 දා ප්‍රකාශ කළේ ය.

by Anonymous |

පෙබරවාරි 24, 2025

උපාධිධාරීන් 35 000 කට වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී  දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ඔහු එහිදී අවධාරණය කළේ ය.

රජයේ රැකියා 30 000ක පුරප්පාඩු පිරවීම වෙනත් කරුණක් බව පැවැසූ විපක්ෂ නායකවරයා, උපාධිධාරීන් 35 000කට ලබා දුන් පොරොන්දුව ද ඉටු කරන්නැයි වැඩිදුරටත් සඳහන් කළේය.

FactSeeker මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීය.

පළමුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ඉදිරිපත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උපාධිධාරීන් සම්බන්ධයෙන් දුන් පොරොන්දු පිළිබඳව අපි සොයා බැලුවෙමු.

එහි සඳහන් වූයේ, රැකියා විරහිත උපාධිධාරීන් 35 000කට රැකියා අවස්ථා ලබා දෙන බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 අය – වැය ඉදිරිපත් කිරීමේ දී රැකියා විරහිත උපාධිධාරීන් හා තරුණ පිරිසක් නිර්මාණය වී ඇති බවත් රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු සඳහා 30 000ක් බඳවාගැනීමට සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ත් ප්‍රකාශ කළේ ය.

රැකියා විරහිත උපාධිධාරීන් 35 000 සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක අය – වැය කතාවේදී ඍජුව අදහස් දක්වා නැත.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

අප්‍රේල් 24, 2025

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

අප්‍රේල් 1, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection