Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනපති අනුරට විරෝධයක් එල්ල වුණා ද?

False
False

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සෙනසුරාදා (28) ගොස් තිබිණි.

by Anonymous |

සැප්තැම්බර් 30, 2024

සාහිත්‍ය මාසය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිවරයා පැමිණිම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් ඇතිවු බව සමාජ මාධ්‍ය හරහා අදහස් හුවමාරු වී තිබිණි.

එම සටහන්වල සඳහන් වූයේ, ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් පොත් ප්‍රකශකයින්ගේ සංගමය විරෝධය දැක්වු බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ යහපත් පිළිගැනීමක් තිබුණු බව මාධ්‍ය වාර්තා පළ වූ බැවින් එලෙස විරෝධයක් මතු වූයේ ද? යන්න පිළිබවඳව සොයා බැලීමට factseeker  කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම්  දිනේෂ් කුලතුංගගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ,එවැනි විරෝධයක් එල්ල නොවූ බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවති  “ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” මහජන ප්‍රතිචාර සඳහා එලිදැක්වීමේ ජාතික සමළුවටද එක් වු බව සඳහන් කළේය.

පොත් ප්‍රදර්ශනයට පැමිණි  මාධ්‍යවේදීන් සහ මහජනතාව රොද බදිමින් තෙරපෙමින් ජනාධිපතිතුමාට සුබ පතන්නට වූ බවත් එම පරිශ්‍රයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාට ඉතා අසීරු තත්වයක් උදා වූ බවත් හෙතෙම පැවැසීය.

එහිදී කිසිදු විරෝධයක් ඇති නොවු බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Factseeker මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ, ජනාධිපතිවරයා පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්වු බවත් පසුව පැවැති උත්සව අවස්ථාවටද එක්වු බවත්ය. එහිදී කිසිදු විරෝධයක් ඇති නොවු බව ඔවුන් සඳහන් කළේය.

පොත් ප්‍රදර්ශනයට එම අවස්ථාවේදී සහභාගී වු මහජනතාව අතරින් කිහිපදෙනෙකුගේ  අදහස් විමසීමටද factseeker ට හැකි වු අතර ඔවුන් පැවසුවේ, ආරක්ෂක අංශයේ පිරිසක් සහ මාධ්‍යවේදීන් වැඩි පිරිසක් ද ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී සිටි බැවින් තදබදයක් ඇති වූ අතර විරෝධයක් ඇති නොවු බවත්ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection