ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනපති අනුරට විරෝධයක් එල්ල වුණා ද?

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සෙනසුරාදා (28) ගොස් තිබිණි.
by Anonymous |
සැප්තැම්බර් 30, 2024

සාහිත්‍ය මාසය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිවරයා පැමිණිම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් ඇතිවු බව සමාජ මාධ්‍ය හරහා අදහස් හුවමාරු වී තිබිණි.
එම සටහන්වල සඳහන් වූයේ, ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් පොත් ප්‍රකශකයින්ගේ සංගමය විරෝධය දැක්වු බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ යහපත් පිළිගැනීමක් තිබුණු බව මාධ්‍ය වාර්තා පළ වූ බැවින් එලෙස විරෝධයක් මතු වූයේ ද? යන්න පිළිබවඳව සොයා බැලීමට factseeker කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංගගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ,එවැනි විරෝධයක් එල්ල නොවූ බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පැවති “ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලියේ කෙටුම්පත්” මහජන ප්‍රතිචාර සඳහා එලිදැක්වීමේ ජාතික සමළුවටද එක් වු බව සඳහන් කළේය.
පොත් ප්‍රදර්ශනයට පැමිණි මාධ්‍යවේදීන් සහ මහජනතාව රොද බදිමින් තෙරපෙමින් ජනාධිපතිතුමාට සුබ පතන්නට වූ බවත් එම පරිශ්‍රයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාට ඉතා අසීරු තත්වයක් උදා වූ බවත් හෙතෙම පැවැසීය.
එහිදී කිසිදු විරෝධයක් ඇති නොවු බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Factseeker මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ, ජනාධිපතිවරයා පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්වු බවත් පසුව පැවැති උත්සව අවස්ථාවටද එක්වු බවත්ය. එහිදී කිසිදු විරෝධයක් ඇති නොවු බව ඔවුන් සඳහන් කළේය.
පොත් ප්‍රදර්ශනයට එම අවස්ථාවේදී සහභාගී වු මහජනතාව අතරින් කිහිපදෙනෙකුගේ අදහස් විමසීමටද factseeker ට හැකි වු අතර ඔවුන් පැවසුවේ, ආරක්ෂක අංශයේ පිරිසක් සහ මාධ්‍යවේදීන් වැඩි පිරිසක් ද ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී සිටි බැවින් තදබදයක් ඇති වූ අතර විරෝධයක් ඇති නොවු බවත්ය.