චෙන්නායි වෙරළේ ඇති වූ ජෛව දීප්ත තරංගවල ඡායාරූප ද?
චෙන්නායි වෙරළ තීරයේ රැල්ල නිල් පැහැයෙන් දිලිසෙන බව දක්වමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණය වන බව නිරීක්ෂණය විය.
by Anonymous |
ඔක්තෝබර් 23, 2024
ඒ අනුව මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ FactSeeker විමර්ශනය කළේය.
Google Lens භාවිතයෙන් මෙම ඡායාරූප විශ්ලේෂණය කර බැලීමේදී මේවා මාලදිවයින් වෙරළේ ගත් ඡායාරූප බව තහවුරු විය. මාලදිවයිනේ සොනෙවා ජානි සහ හුරා දූපත් ආශ්රිත වෙරළ තීරයේ ජෛව දීප්ත තරංග ඇතිවූ අවස්ථාවේදී මෙම ඡායාරූප ගෙන ඇත. මෙම ඡායාරූප Facebook මාධ්‍ය හරහා එහි මුල් හිමිකරු විසින් බෙදා හැර තිබුණි.
https://www.facebook.com/photo.php?fbid=929556015442244&set=pb.100051635619362.-
https://www.facebook.com/photo.php?fbid=929556015442244&set=pb.100051635619362.-2207520000&type=3
කෙසේ වෙතත් චෙන්නායි වෙරළ තීරයේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමේදී ඔක්තෝබර් 19 වනදා චෙන්නායි නැගෙනහිර වෙරළේ ජෛව දීප්ත තරංග ඇතිවූ බවට එරට පුවත් වාර්තා වී තිබීමෙන් එය සත්‍ය ලෙස සිදුවී ඇති බවට තහවුරු විය.
https://www.polimernews.com/dnews/220455?utm=thiral
එසේම එහිදී ගන්නා ලද ඡායාරූප ද සොයාගැනීමට හැකිවිය.
මේ අනුව චෙන්නායි වෙරළ තීරයේ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වල සංසරණය වන ඡායාරූප චෙන්නායි වෙරළේ දී ගත් ඒවා නොවන බව FactSeeker තහවුරු කරයි.