Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

Factual
Factual

උතුරු චීනයේ මේ වන විට පැතිර යන HMPV (Human Meta pneumo virus) වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ විවිධාකරයේ පුවත් සංසරණය වෙමින් තිබේ. ඒ අතර චීනයේ එවැනි කිසිඳු වෛරසයක් පැතිර නොයන බව සදහන් tiktok වීඩියෝවක් FactSeeker ට හමුවිය.

by Anonymous |

ජනවාරි 6, 2025

එම වීඩියෝව මෙතැනින්: https://vt.tiktok.com/ZS6ywBdar/

මෙම වීඩියෝවේ සිටින පුද්ගලයින් කිහිපදෙනෙකු ම චීනයේ එවැනි කිසිදු වෛරසයක්  පැතිර නොයන බවත් එය  ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවලින් සිදු කරන බොරු ප්‍රචාරයක් බවත් ප්‍රකාශ කරයි. නමුත් මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ නිල ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් චීනය තුළ පැතිර යන HMPV (Human Meta pneumo virus) වෛරසය පිළිබඳ තොරතුරු යාවත්කාලින කරමින් තිබෙන බව දැකගත හැකිය.

එසේම ෆේස්බුක් මාධ්‍යයෙහි ද චීනයේ පැතිර යන මෙම වෛරසය ඉතා භායානක වෛරසයක් බව සඳහන් කරමින් පුවත් සංසරණය වන ආකාරය FactSeeker නීරීක්ෂණය කළේය.

නමුත් මෙම වෛරසය එතරම් භයානක නොවන සාමාන්‍ය ශ්වසන වෛරසයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසින්: https://www.facebook.com/share/p/15RgYji4FL/

 

එම සඳහනට අනුව  චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus – HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් බවයි.

මෙහි ප්‍රධාන කරුණු වශයෙන්,

චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන් වන අතර නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අනවරණය කර තිබිණිත මෙම තත්ත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් එම ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි.

මීට අමතරව HMPV වෛරසය එතරම් භයානක නොවන බව සඳහන් කරමින් The Hindu නිළ වෙබ් අඩවියේ සහ තවත් පුවත් පළවී තිබුණු ආකරය FactSeeker ට නිරීක්ෂණය විය.

එම පුවත මෙතනින් : https://www.thehindu.com/opinion/editorial/nothing-alarming-on-chinas-hmpv-cases/article69064326.ece

ද හින්දු නිළ වෙබ් අඩවියේ සඳහන් පරිදි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස මත මෙම  තත්වය ඇති වන බවත්  එය අසාමාන්‍ය වෛරස තත්වයක් නොවන බවයි.

 

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection