Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

Factual
Factual

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙයි.

by Anonymous |

මාර්තු 25, 2025

හිරු නිවුස් ‌‌ ෆේස්බුක් පිටුවේ ද එම ඡායාරූපය පළකර තිබූ අතර එහි ඡයාරූප සටහන වූයේ, “අය – වැය විවාදය අතරතුර කොට්ටහච්චි, නියෝජ්‍ය ඇමති චතුරංග එක්ක ටේබල් ටෙනිස් ගහලා” යනුවෙනි.

තවත් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද මෙම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබූ අතර ඒවායෙහි සටහන් කර තිබුණේ, ජනතාවගේ බදු මුදල්වලින් මොවුන් විනෝද වන බවට වන අදහස් ය.

මේ නිසා හුවමාරු වන ඡායාරූපය කුමක්ද? යන්න පිළිබඳව Factseeker සොයා බැලීය.

එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සහ අදාළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හමු විය.

එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජය සංඛේත සහ සහතික පත්‍ර පිරි නැමීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකි.

මෙම ගෘහස්ථ තරඟාවලියේදී පැවැති යුගල මේස පන්දු තරඟයෙන් චතුරංග අබේසිංහ නියොජ්‍ය ඇමතිවරයා සහ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය ජයග්‍රහනය කළ බව එම නිවේදනයේ සඳහන් වී තිබිණි.

මෙම තරඟාවලියේ ජය සංඛේත පිරිනැමීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය ජගත් විග්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 දා පාර්ලිමේන්තුවේ දී සිදු වී ඇත.

ඒ අවස්ථාවේදී නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සහ චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා හැඳ සිටියේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූපයේ ඇඳුම්වලිනි.

ඒ අනුව මෙම ඡායාරූපය පාර්ලිමේන්තුවේ පැවැති වාර්ෂික ගෘහස්ථ තරඟාවලියේදී නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය යුගල මේස පන්දු තරඟයේදී ගත් ඡායාරූපයක් බව  Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

අගෝස්තු 26, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection