Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ගෑස් සිලින්ඩරය කල් ඉකුත් වෙනවා ද ?

Misleading
Misleading

ගෑස් සිලින්ඩරයක් කල් ඉකුත් වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද යනුවෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් පෙළක් factseeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

ජූනි 6, 2024

ගෑස් සිලින්ඩරයක් කල් ඉකුත් වන්නේ ද? යන්න පිළිබදව විමසා බැලීමට factseeker කටයුතු කළේ ය.

අදාළ සටහන් පෙළෙහි දැක්වෙන්නේ ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දිනයක් ඇති බව සහ එය හදුනාගන්නා ආකාරය පිළිබඳවය. බොහෝ දෙනෙක් මෙය විශ්වාස කර අදහස් දක්වා තිබුණි.

එම සටහන මෙසේය,

ගෑස් සිලින්ඩරයක් කල් ඉකුත් වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?
• ගෑස් සිලින්ඩරවල කල් ඉකුත්වන දිනයක් ඇති බව ඔබ දන්නවාද?
• කල් ඉකුත්වන දිනයෙන් ඔබ්බට භාවිතා කරන ගෑස් සිලින්ඩරයක් අනතුරට හේතු වන අතර එය බෙදාහරින්නා වෙත ආපසු ලබා දිය යුතුය.
• එතුළ ඇති වායුවට වඩා කල් ඉකුත්වන දිනය අවබෝධ කර ගැනීම වැදගත් වේ.
• ගෑස් සිලින්ඩරයක් නැවත පිරවීමට පෙර පාරිභෝගිකයින් සෑම විටම එහි කල් ඉකුත්වන දිනය පරීක්ෂා කළ යුතුය.
• පාරිභෝගිකයින්, කල් ඉකුත් වූ ගෑස් සිලින්ඩර භාවිතා නොකළ යුතුය.
• ඔබ ඕනෑම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පෙර, සෑම විටම නිෂ්පාදනය සහ කල් ඉකුත්වන දිනය පරීක්ෂා කරන්න.
• කල් ඉකුත් වූ ගෑස් සිලින්ඩරය භාවිතා කිරීම ආරක්ෂිත නොවේ, එබැවින් කරුණාකර ප්‍රවේශම් වන්න.
• සෑම සිලින්ඩරයක්ම එහි හිස අසල සිරස් ස්ථායී තහඩු 3ක් (පැති කඳන්) ඇත. පැති කඳ තහඩු වලින් එකක යම් ඇල්ෆා සංඛ්‍යා කේතයක් ඇත, එය එම ගෑස්

සිලින්ඩරයේ කල් ඉකුත්වන දිනය
⛔ කල් ඉකුත්වන දිනය විකේතනය කරන්නේ කෙසේද
⛔ ගෑස් සිලින්ඩරයේ කල් ඉකුත්වන දිනය අකාරාදී පිළිවෙලට, A B,C D, කාර්තු වලින් සංකේත කර ඇත, එය මාස ගණනකින් කල් ඉකුත් වනු ඇත, සංඛ්‍යාත්මක කේතය එය කල් ඉකුත් වන වසර සඳහා වේ.
🅰️A අකුර යනු ජනවාරි සිට මාර්තු දක්වා වේ.
🅱️B අකුර යනු අප්‍රේල් සිට ජූනි දක්වා කාලයයි.
🧡C අකුර ජූලි සිට සැප්තැම්බර් දක්වා වේ.
🧡D අකුර ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වේ
උදාහරණයක් ලෙස, සිරස් රැඳී සිටින තහඩුව B -9 කල් ඉකුත්වන දිනය දරයි නම්, එයින් අදහස් වන්නේ, ගෑස් සිලින්ඩරය 2009 ජුනි මාසයේදී කල් ඉකුත් වන බවත්, C -16 ලෙස ලියා ඇත්නම්, එයින් අදහස් වන්නේ එය 2016 සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වන බවයි.
⛔ එමනිසා, ගෘහස්ථ අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන්න…
යනුවෙන් එම සටහන්තුළ සඳහන්ව තිබුණි

ශ්‍රී ලංකාවේ තත්වය

ශ්‍රී ලංකාවේ පවතින ගැස් බෙදාහරින සමාගම් දෙකක් ඇති අතර ඒ දෙකෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ගෑස් සිලින්ඩරය තුළ කල් ඉකුත්වීමේ දිනයක් සටහන් කර නොමැති බවයි. ගෑස් සිලින්ඩරය මත දැක්වෙන්නේ, එය පරීක්ෂා කරන ලද දිනය වන අතර මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් දක්වා ඇති පරිදි එය කල් ඉකුත් වන දිනය නොවන බවද ඔවුහු සඳහන් කළහ.
ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති පිළිබඳ සොයාබැලීමේදී පහත කරුණු අවාවරණය කරගත හැකි විය.

ගෑස් කල් ඉකුත් වීම

ඉන්ධන වර්ගයක් වන ගෑස්වලට (Liquefied Petroleum Gas – LPG) කල් ඉකුත් වීමේ දිනයක් නැත. , ගෑස් සිලින්ඩරය පරීක්ෂාවට ලක්කළ දිනය සටහන්ව තිබිය හැකිය. එමෙන්ම ගෑස් ලිප හා සම්බන්ධ උපාංග (regulator, hose) කල් ඉකුත් වීමේ දිනයක් තිබිය හැකිය.
ගෑස් සිලින්ඩරයෙහි උඩින් හෝ පතුලෙහි බොහෝ විට ඩිම්බෝල් සම්බන්ධයක වර්ෂ සහ මාසය දැක්වෙන කුඩා මුද්‍රණයක් ඇත. එය මාස සහ වසර අංක එකක් (MM/YY) ලෙස දැක්විය හැක.

එමෙන්ම, සිලින්ඩරය නියමිත කාල සීමාවෙන් පසු පරීක්ෂණ හා නඩත්තු කිරීම අවශ්‍ය විය හැකිය (බොහෝවිට වසර කිහිපයක් එකම සිලිංඩරය භාවිතා කරයි).රෙගියුලේටර් සහ හෝස් වල කල් ඉකුත් වීමේ දිනයක් තිබේ. එය හෝස් වල අතුරු පේලි සහ රෙගියුලේටර්වල දක්වා ඇත.
ගෑස් සිලින්ඩර සහ එහි උපාංග සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියන් හා උපදේශනාමය යෝජනා ක්‍රම පවතී. එනම්,

ISO ප්‍රමිතීන්

1. ISO 22991:
මෙම ප්‍රමිතිය LPG යන ගෑස් වර්ග සඳහා අදාළ ප්‍රමිතියකි. මෙය ගෑස් සිලින්ඩර නිෂ්පාදන, පරීක්ෂා කිරීම සහ ආරක්ෂණය සඳහා නිර්දේශ කරයි.
2. ISO 4706:

මෙම ප්‍රමිතිය ගෑස් සිලින්ඩර නිෂ්පාදන සහ පරීක්ෂාවන් සඳහා වන ප්‍රධාන ISO ප්‍රමිතියකි. මෙය සිලින්ඩර නිෂ්පාදනය, පරීක්ෂාව, අලුත්වැඩියා කිරීම සහ ආරක්ෂක භාවිතා සඳහා අදාළ වේ.

සිලින්ඩර අලුත්වැඩියාව, නඩත්තු කිරීම සහ නව පිටපත් කිරීම සඳහා වූ වර්ග හා මාදිලි ප්‍රමිතීන් අනුගමනය කළ යුතුය.රෙගියුලේටර්, හෝස් සහ අනෙකුත් උපාංග සඳහා විශේෂිත පරීක්ෂාවක් හා නඩත්තු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

ගෑස් සිලින්ඩරවල පරික්ෂාකරන ලද දිනය හා අමතර උපාංගවල (හෝස්, රෙගියුලේටර්) පැහැදිලිව කල් ඉකුත්වීමේ දිනයන් සඳහන්ව තිබිය යුතුය.
ISO සහ අනෙකුත් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් අනුව සිලින්ඩරවල දින වකවානු පරීක්ෂාව සහ නඩත්තු කිරීම සිදු කළ යුතුය.

ජාත්‍යන්තර ආයතන

– UL (Underwriters Laboratories) ආරක්ෂණ සහ ප්‍රමිතීන් පරීක්ෂා කිරීමේ සමාගමකි.
– BSI (British Standards Institution): බ්‍රිතාන්‍යයේ ප්‍රමිතීන් සහ ආරක්ෂණය සඳහා අදාළ සමාගමකි.
– CEN (European Committee for Standardization): යුරෝපයේ ප්‍රමිතීන් සහ ආරක්ෂණය සඳහා නිර්දේශන ආයතනයකි.

මෙම ප්‍රමිතීන් සහ උපදේශ නාමය යෝජනා ක්‍රම අනුගමනය කිරීමෙන්, ගෑස් සිලින්ඩර ආරක්ෂිතව භාවිතා කරමින්, ඒවායේ කල්පැවැත්ම සහ ආරක්ෂාව ඉහළ දැමිය හැකිය.

මුලාශ්‍ර – https://cribb.in/find-lpg-gas-cylinder-expiry-test-date.htm

මේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ අනුගමනය කරන පටිපාටිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී ගෑස් සිලින්ඩරයක් කල් ඉකුත් වන බවට හුවමාරු වන සටහන් සත්‍ය නොවන බව factseeker අනාවරණය කරගන්නා ලදී.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection