Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

False
False

ග්‍රීක බැඳුම්කර නඩුවෙහි චූදිතයන් වන හිටපු මහ බැංකු අධිපති ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කර ඇතැයි සදහන් වුවද ඔවුන් නිදහස් කර ඇත්තේ පාඩු සිදුකළ රුපියල් බිලියන 1.8ක මුදල ගෙවීමේ කොන්දේසි මත බව අනාවරණය වේ.

by Anonymous |

දෙසැම්බර් 12, 2025

ග්‍රීක බැඳුම්කර සම්බන්ධ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ අනෙකුත් විත්තිකරුවන් 3 දෙනෙකු ‘නිදොස් කොට නිදහස් කළ’ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

සමාජ මාධ්‍ය සටහන:

https://sinhala.lankanewsweb.net/12/10/231234/

https://dasathalankanews.com/%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80-%E0%B6%9C%E0%B7%8A/

ඒ හා සමානව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද වීඩියෝවක් ද ප්‍රධාන පුවත් වෙබ් අඩවි වල පළ කර තිබූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් ‘නිදොස් කොට නිදහස් කළ’ බවයි.

කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේ අජිත් නිවාඩ් කබ්රාල් ‘නිදොස් කොට නිදහස් කර’ නොමැති බවත්, හුවමාරු වන පුවත අසත්‍ය බවත්ය.

CIABOC ප්‍රකාශය:

CIABOC විසින් නිකුත් කරන ලද ප්‍රකාශය සහ මාධ්‍ය හා සමාජ ජාල වල සංසරණය වන පුවත් අතර ඇති පරස්පරතාවය සැලකිල්ලට ගෙන, FactSeeker විසින් මේ පිළිබඳ සත්‍යය විමර්ශනය කිරීමට තීරණය කරන ලදී.

FactSeeker පළමුව අවධානය යොමු කළේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ අනෙකුත් පුද්ගලයන් තිදෙනාට එරෙහිව ගොනු කර තිබූ නඩුව සහ අධිකරණ තීන්දුව වෙතය.

නඩුව සහ අධිකරණ ක්‍රියාදාමය CIABOC විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය මහ බැංකු  අධිපති ධර්මසේන ධීරසිංහ සහ සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්නට එරෙහිව නඩුව ගොනු කරන ලදී. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක සිටියදී පවා ග්‍රීක රජයේ බැඳුම්කර මිල දී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 184 කට අධික පාඩුවක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ අඟහරුවාදා (දෙසැම්බර් 10) කැඳවූ අවස්ථාවේදී, චූදිතයින් සිව්දෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නා බව CIABOC විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව, CIABOC විසින් දූෂණ විරෝධී පනතේ විධිවිධාන උපුටා දක්වමින්, ග්‍රීක රජයේ බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් මිලියන 184 ක දඩ මුදල අධිචෝදනාවේ සඳහන් පරිදි ගෙවීමේ කොන්දේසිය මත පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නඩුවෙන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ දිලාන් රත්නායක නියම කරන ලද මුදල ගෙවීමට නොහැකි බවට අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. ඉන්පසු කොමිෂන් සභාව නිවේදනය කළේ දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ පළමු විත්තිකරු නඩුවෙන් නිදහස් කළ හැකි බවයි.

කෙසේ වෙතත්, අනෙක් විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ නිදහස් කර මුදා හරින ලෙස කොමිෂන් සභාව ඉල්ලා සිටියේය.

මෙම කරුණු සලකා බැලූ විනිසුරුවරයා, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොන්දේසි සහිතව නඩුවෙන් නිදහස් කළේය. ඒ සමඟම, අනෙක් විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ සහ සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කර මුදා හරින ලදී.

නිදහස් කිරීමේ කොන්දේසි සහිත අධිකරණ තීන්දුවට අනුව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කර ඇත්තේ කොන්දේසියක් මතය. එම කොන්දේසිය වන්නේ:අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරි මාස 3 ඇතුළත රු. 1,843,267,595.65 ක මුදලක් ගෙවිය යුතුය. ඔහු එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, මාස තුනේ කාල සීමාවෙන් පසුව එම අධිචෝදනාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සැලකිල්ලට ගත යුතුය. යනුවෙනි.

දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ සඳහන් වන්නේ කුමක්ද?

FactSeeker විසින් දූෂණ විරෝධී පනතේ 67 වගන්තියේ විධිවිධාන විමර්ශනය කරන ලදී. දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය මඟින් තීන්දුවකට පෙර අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට ඉඩ ලබා දේ. මෙය වන්දි ගෙවීම (compensation), ප්‍රසිද්ධියේ සමාව අයැදීම, වගවීම සහ රාජකාරී දැරීමෙන් ජීවිත කාලය පුරාම නුසුදුස්සෙකු කිරීම වැනි කොන්දේසි වලට යටත් වූ, ව්‍යුහගත හා කොන්දේසි සහිත යාන්ත්‍රණයකි.

හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය X (කලින් Twitter) පිටුවේ සටහනක් තබමින් මෙම තීන්දුව පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දී තිබුණි.

https://x.com/alisabrypc/status/1998752256980832640?s=20

නිගමනය :

සත්‍ය පුවත වන්නේ අධිකරණ තීන්දුවට අනුව අජිත් නිවාඩ් කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් කර ඇති අතර, එම කොන්දේසිය වන්නේ ඔහු ඉදිරි මාස 3 ඇතුළත රු. 1,843,267,595.65 ක් ගෙවිය යුතු බවයි.

මෙම තීරණාත්මක කොන්දේසි සඳහන් නොකර, තමන් ‘නිදොස් කොට නිදහස් කළ’ බවට අජිත් නිවාඩ් කබ්රාල් සිය වීඩියෝවෙන් කළ ප්‍රකාශය කරුණු වැරදි ලෙස ඉදිරිපත් කිරීමකි.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ‘නිදොස් කොට නිදහස් කළ’ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය බව FactSeeker විසින් තහවුරු කරයි.

 

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection