Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

කෝච්චියක් මහ මග නතර කර රියදුරු, කඩයකින් බත් පාර්සලයක් ගත් බව කියන කතාව

Misleading
Misleading

ගමන් කරමින් පැවැති දුම්රියක් ප්‍රධාන මාර්ගයක් අතර මැද නවතා කෑම ගන්නට යන දර්ශන ඇතුළත් විඩියෝ පටයක් ෆේස්බුක් , යු ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 13, 2024

“කෝච්චිය පාර මැද නවත්වලා , කන්න ගන්න යන ලංකාවේ දුම්රිය රියදුරන් – ලෝකෙටම එකයි හොඳේ” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව හුවමාරු කර ගෙන තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබදව Factseeker සොයා බැලීමේදී මෙය වයික්කාල දුම්රිය ස්ථානය අසල බවත් පුත්තලම – කොළඹ මාර්ගය හරස් කරමින් අදාළ  දුම්රියක් නවතා ඇති බවත් පැහැදිළි කර ගැනීමට හැකි විය.

අදාළ සිදුවීම පිළිබඳව සොයා බැලීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හරහා වයික්කාල දුම්රිය ස්ථානයෙන් මේ පිළිබඳව පැහැදිළි කර ගැනීමට හැකිවිය. ඒ අනුව ඔවුන් සඳහන් කළේ, මෙම විඩියෝව  වයික්කාල දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වා ඇති අවස්ථාවක  එහි රිය සහායකවරයා අසළ පිහිටි වෙළෙද සැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් බවයි.

වයික්කාල දුම්රිය ස්ථානය කුඩා වීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්ත වීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම – කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබන බව ද එය නිතරම සිදුවන්නක් බව ද ඔවුන් සඳහන් කරන ලදී.

එම අවස්ථාවේ රිය සහායක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, දුම්රිය ධාවනය ආරම්භ වන ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකිය.

Factseeker මේ සම්බන්ධයෙන් දුම්රිය වැඩබලන සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේගෙන් කළ විමසීමකදී ඔහු පැවැසැසුවේ, වයික්කාල දුම්රිය ස්ථානය ඉතා කුඩා දුම්රිය ස්ථානයක් බැවින් දුම්රිය නතර කිරීමේදී එහි එන්ජිම ප්‍රධාන මාර්ගය දක්වා ඇදී යා යුතු බව යි. දුම්රිය මගීන් බැස යාමට සහ නැග ගැනීමට යම් කිසි කාලයක් ගත වන බැවින් ඒ අවස්ථාවේ අසල කඩයකින් ආහාර පාර්සලයක් රැගෙන ඒමට කාලය පවතින බවද හෙතෙම පැවැසීය. අහිංසක මනුෂ්‍යයෙකු බත් වේලක් ගන්නා දර්ශනයක් මේ තරම් කතාබහට ලක් වීම ඉතා කණගාටු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය මගියෙක්ගේ අදහස් ලබාගැනීමට හැකිවු අතර චන්දන පෙරේරා වන ඔහු පැවසුවේ,“ උදේ හවස යන එන පාරේ අපි නිතරම දකිනවා වයික්කාල ස්ටේෂන් එකේ දුම්රිය නවතද්දි වෙන්නේ මොකද්ද කියලා. නමුත් මේක වැරදියට වටහාගෙන තියෙන්නේ. මොකුත් හොයලා බලන්නේ තැනිව ෆේස්බුක් එකේ බැනගෙන යනවා. ඒක වැරදියි” යනුවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Google map සහ google street view ආධාරයෙන්ද සොයා බැලු අතර එහිදි දුම්රිය ස්ථාන සහ ප්‍රධාන මාර්ගය අතර දුර ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින බව පැහැදිලි විය.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

ජූලි 4, 2025

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection