Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කෘත්‍රීම බුද්ධියෙන් සකස් කළ වීඩියෝ නිර්මාණ කිහිපයක්.

False
False

කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගනිමින් සමාජය දැනුවත් කිරීම, තාක්ෂණික හෝ අධ්‍යාපනික කටයුතු හෝ විනෝදාස්වාදී අරමුණු වෙනුවෙන් විවිධ නිර්මාණ සිදු කිරීම ඉතාම සුලබ කාරණාවක් බවට පත් ව තිබේ.

by Anonymous |

මාර්තු 25, 2025

නමුත් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ඇතැම් නිර්මාණ සමාජය නොමඟ යැවීම කෙරෙහි ද බලපා තිබෙන බව FactSeeker නිරීක්ෂණය කළේය. මේ අනුව ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපයේදී හුවමාරු වූ පහත වීඩියෝ නිර්මාණයන් කෙරෙහි FactSeeker අවධානය යොමු විය.

https://www.facebook.com/share/v/1F37DsfJem/

https://www.facebook.com/share/r/1Z2qX5yJN2/

මෙහිදී පළමු වීඩියෝවේ සුනඛයින් දෙදෙනෙකු විසින් කුඩා දරුවකු බේරා ගන්නා අවස්ථාවකුත්, අනෙකුත් වීඩියෝවේ මලක් බවට පරිවර්තනය වන කෘමියෙකු පිළිබඳවත් දැක්වේ. නමුත් ගැඹුරින් කරුණු නිරීක්ෂණය කිරීමේදී එම වීඩියෝ නිර්මාණ දෙකෙහිම අස්වාභාවික චලන රටාවන් පවතින බව දැකගත හැකිය.

නමුත් මෙම වීඩියෝවල අදහස් පළ කිරීම් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ඇතැම් පාර්ශවයන් තවමත් මෙවැනි වීඩියෝ පිළිබඳ ව්‍යාකූල වන බවක් ය. එනම් ඇතැම් පරිශීලකයින්ට තවමත් එක්වරම එය හඳුනා ගැනීමට අපහසු බව නිරීක්ෂණය විය.

මේ නිසා එම වීඩියෝ නිර්මාණ Deepware වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කර බැලූ ඇතර, ප්‍රතිඵලවලට අනුව මෙම නිර්මාණ කෘත්‍රීම බුද්ධි මෙවලම් (AI Tools) යොදාගනිමින් නිර්මාණය කර ඇති බව පැහැදිලි විය.

ඒ අනුව FactSeeker තහවුරු කරන්නේ දරුවෙකු බේරා ගන්නා සුනඛයින් දෙදෙනා සහ මලක් බවට පරිවර්තනය වන කෘමියාගේ වීඩියෝ නිර්මාණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බවයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection