Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

කැලීන් බේබි සබන් සහ T&G දන්තාලේපය අලෙවිය තහනම් ද?

False
False

ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමේ කැලීන් සබන් සහ ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගමේ T&G දන්තාලේපය භාවිතයට නොගන්නා ලෙස සදහන් කරමින් පාරිභෝගික අධිකාරියෙන් නිකුත් කරනු ලැබූ නිවේදනයක් සමාජ මාධ්‍යවල මේ දින වල සංසරණය වෙයි.

by Anonymous |

සැප්තැම්බර් 2, 2024

මෙය සත්‍යක්ද? යන්න පිළිබදව ජනතාව කුතුහලයකින් සිටින බව ඒ සම්බන්ධයෙන් පළ කර ඇති අදහස් අනුව පැහැදිළි විය. එම නිසා Factseeker මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබද  සොයා බැලුවෙමු.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියෙන් Factseeker කළ විමසීමකදී එහි සභාපති ටී.අයි.උඩුවර පැවැසුවේ, එය සත්‍යක් බවය. ඔහු පැවසූ කරුණු අනුව කැලීන් බේබි සබන් සම්බන්ධයෙන් පසුගිය ජූලි මාසයේදී පාරිභෝගික සේවා අධිකාරියට වෙනත් ආයතනයකින් පැමිණිල්ලක් ලැබුණු බව යි. ඒ අනුව මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය කළ විමර්ෂණයකදී මෙම චෝදනාව තහවුරු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් කළ රසායනාගාර පරීක්ෂණවලදී හිතකර සබන් නිෂ්පාදන සඳහා නිර්දේශිත සියයට 78ක් වන TFM අගය  (ITI)  කැලීන් බේබි සබන්වල නොතිබුණ බව පාරිභෝගික සේවා අධිකාරිය අනාවරණය කර ගෙන ඇත. මෙම හේතුව නිසා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ  ගොනු කළ නඩුවේදී ඩෙල්මා ලංකා පුද්ගලික සමාගම සිය වරද පිළිගෙන ඇත.

මේ හේතුව නිසා දැනට වෙළඳපොලේ පවතින කැලීන් බේබි සබන් පරිභෝජනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කළේ ය.

ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගමේ T&G නාමය සඳහා ද අධිකරණ පාරිභෝගික කටයුතු අධිකාරියට තීන්දුවක් ලබා දී ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සෑම දන්තාලේපයක් සඳහාම SLS 275 ප්‍රමිති සහතිකය ලබා ගැනීම නීතිමය විධිවිධාන යටතේ අනිවාර්ය  වේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අංශයෙන් ලද පැමිණිල්ලක් පිළිබඳ විමර්ෂණය කර බැලීමේදී අංක 102 , නුවර පාර,  වේවැල්දෙණිය ලිපිනය යටතේ බෙදාහැරෙන ගොඩකන්ද හර්බල් පුද්ගලික සමාගම සතු වෙන්ඩෝල් T&G හර්බල්ස්  සහ වෙන්ඩෝල් T&G ‌fresh mint යන දන්තාලේපයන් සඳහා එම ප්‍රමිති සහතිකය ලබා නොගෙන ව්‍යාජ ලෙසින් එම ලාංජනය මුද්‍රණය කර බෙදා හැර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරිය ගොනුකළ නඩුවේදී විභාග වීමකින් තොරව අදාළ සමාගම වරද පිළිගත් බව ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව වෙළඳපොළට බෙදාහැර ඇති මෙම දන්තාලේප භාවිතයට නොගන්නා ලෙස පාරිභොගික අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර සඳහන් කළේ ය.

මේ සම්බන්ධව මහජනයා දැනුම්වත් කරමින් ඉකුත් 27 වන අඟහරුවාදා ලංකාදීප , Daily mirror සහ වීරකේසරී යන පුවත්පත්වල දැන්වීමක් පළකළ බවද සභාපතිවරයා අනාවරණය කළේ ය.

මේ අතර අධිකරණ නියෝගයකින් මෙම නිෂ්පාදන තහනම් කර පුවත්පත් නිවේදන පළ කර තිබියදී මෙය අසත්‍ය ප්‍රචාරයක් බව වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු කර ගෙන ඇත.එම සටහන් කිසිඳු සත්‍යතාවයක් නැත.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection