Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explaner

කාන්තාවක් සම්බන්ධ සිදුවීමේදී පහර කෑමට ලක් වූ හිමිනම මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ හිමිනමක් නොවේ

Factual
Factual

“මහමෙවුනා භික්‍ෂුවකට ගුටි පූජාවක්. ගිහි ඇදුමින් කාන්තාවක් සමග නිවසක ඉදලා..” යනුවෙන් සඳහන් පුවතක් අන්තර්ජාල පුවත් වෙඩ් අඩවිවල පළවී තිබුණු අතර පසුව ඒ සම්බන්ධ පෝස්ට් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වනු දක්නට ලැබුණි.

by Anonymous |

මැයි 2, 2024

මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් ප්‍රකාශ වීම හේතුවෙන් Factseeker ඒ පිළිබඳ සොයා බැලීය.

“ඊයේ අලුයම බුලත්සිංහල චීවරධාරියෙකුට ගුටි පූජාවක්” යනුවෙන්  ̒ දිනමිණ ̕ පුවත්පත අප්‍රේල් 25 දා මේ පිළිබඳ පුවතක් පළකර ඇති අතර මහමෙවුනා භික්‍ෂුවකට ගුටි පූජාවක්. ගිහි ඇදුමින් කාන්තාවක් සමග නිවසක ඉදලා..” යනුවෙන්  ̒ලංකා සී නිවුස් ̕ වෙඩි අඩවියේ පළ කර තිබිණි.

අදාළ සිදුවීමට සම්බන්ධ බව කියන හිමිනම මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමක් වන අතර එම ප්‍රදේශයේ මහමෙව්නා අසපුවක් ස්ථාපනය කර නොමැති බව මහ මහමෙව්නා අසපු සංචිතය සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වුයේ  කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පොලිස් වසමේ මහමෙව්නා විහාරය සහ මහමෙව්නා අසපුව නමින්  විහාරස්ථාන දෙකක් පිහිටා ඇති බවයි. මෙම සිදුවීම විමර්ශනය කරන බදුරලිය පොලිසියෙන් මේ පිළිබද විමසීමේදී ද අදාළ සිදුවීම වී ඇත්තේ, මහමෙව්නා අසපුවේ නොව මහමෙව්නා විහාරයේ බව සඳහන් කළේය.

එමෙන්ම මහමෙව්නා අසපු සංචිතය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර   ‘මහමෙව්නා’ නාමය සහිත විහාරස්ථානය  සහ එම සිදුවීමට සම්බන්ධ එහි වැඩසිටි භික්ෂුවත්   මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අයත්  නොවන බව එහි සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීම  මහමෙව්නාව භාවනා අසපුව සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමග සම්බන්ධ කරමින් හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් සත්‍ය නොවන බව Factseeker සඳහන් කරයි

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කළ හැකිද?

ජූනි 11, 2024

මොකක්ද මේ ? ලංකාවට ගේන ඉලෝන් මස්ක්ගේ Starlink

මැයි 29, 2024

ඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රී ධූරත් අහෝසි වෙයිද?

මැයි 10, 2024

අසත්‍ය හා දුස් තොරතුරු ඉදිරි මැතිවරණවලදී තර්ජනයක් විය හැකියි.

ජනවාරි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection