Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන වීඩියෝ අසත්‍යයි

False
False

ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළියක මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශන පෙළක් FactSeeker අවධානයට යොමුවිය.

by Anonymous |

සැප්තැම්බර් 3, 2025

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලි කාජල් අග්‍රවාල් මෙසේ  හදිසියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ දර්ශන සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
https://www.facebook.com/share/r/15rQy2Wzs2/
https://www.facebook.com/share/v/14Ew2fccrVX/
ඇය සමග රංගනයේ යෙදෙන වෙනත් කොලිවුඩ් සහ බොලිවුඩ් නලු නිලියන් සංවේදී වූ අවස්ථාවන් දක්වමින් ඒවාට කාජල් අග්‍රවාල්ගේ ඡායාරූප එක් කරමින් මෙම වීඩියෝ පට සකස් කොට තිබුණි. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද සංවේදි වෙමින් මෙම වීඩියෝ පට හුවමාරු කරගෙන තිබූ බැවින් FactSeeker මේ පිළිබදව සොයා බැලීය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට හෝ අනතුරට පත්ව ඇති බවට කිසිදු නිල සඳහන් කිරීමක් නොවන බව නිරීක්ෂණය විය.
ඒ අනුව අප ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කර බැලීය. ඇය මියගොස් ඇති බවට වීඩියෝ පට සංසරණය වී තිබුණේ සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හිදීය. එම දිනවල ඇගේ සමාජ මාධ්‍ය පළකිරිම් පිළිබදව නිරීක්ෂණයේදී ඒ ආසන්නතම ඇගේ Instagram පළකිරීම් හමුවිය.
https://www.instagram.com/p/DN8mrVzARM8/?igsh=MTdhY3ZrNDMzN3Rzdw==

ඒ අනුව මේ දිනවල ඇය සහ ඇගේ පවුලේ සමාජිකයින් මාලදිවයිනට අයත් ෆෙයිදු දූපතේ dusitD2 Feydhoo නම් නිවාඩු නිකේතනයේ තම විවේකය ගත කරමින් සිටී. එහි ඡායාරූප එකතුවක් ඇය සමාජ මාධ්‍ය වෙත එක් කොට ඇත. එමෙන්ම ඇය විසින් එක් කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් වෙනත් වෙබ් අඩවි හරහා ද පළකොට තිබුණි.

https://www.news18.com/lifestyle/kajal-aggarwal-gives-travel-goals-with-her-maldives-vacation-pictures-ws-l-9540982.html

ඒ අනුව ජනප්‍රිය ඉන්දියානු නිළියක් වන කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection