Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන වීඩියෝ අසත්‍යයි

False
False

ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළියක මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශන පෙළක් FactSeeker අවධානයට යොමුවිය.

by Anonymous |

සැප්තැම්බර් 3, 2025

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලි කාජල් අග්‍රවාල් මෙසේ  හදිසියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ දර්ශන සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
https://www.facebook.com/share/r/15rQy2Wzs2/
https://www.facebook.com/share/v/14Ew2fccrVX/
ඇය සමග රංගනයේ යෙදෙන වෙනත් කොලිවුඩ් සහ බොලිවුඩ් නලු නිලියන් සංවේදී වූ අවස්ථාවන් දක්වමින් ඒවාට කාජල් අග්‍රවාල්ගේ ඡායාරූප එක් කරමින් මෙම වීඩියෝ පට සකස් කොට තිබුණි. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද සංවේදි වෙමින් මෙම වීඩියෝ පට හුවමාරු කරගෙන තිබූ බැවින් FactSeeker මේ පිළිබදව සොයා බැලීය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට හෝ අනතුරට පත්ව ඇති බවට කිසිදු නිල සඳහන් කිරීමක් නොවන බව නිරීක්ෂණය විය.
ඒ අනුව අප ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කර බැලීය. ඇය මියගොස් ඇති බවට වීඩියෝ පට සංසරණය වී තිබුණේ සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හිදීය. එම දිනවල ඇගේ සමාජ මාධ්‍ය පළකිරිම් පිළිබදව නිරීක්ෂණයේදී ඒ ආසන්නතම ඇගේ Instagram පළකිරීම් හමුවිය.
https://www.instagram.com/p/DN8mrVzARM8/?igsh=MTdhY3ZrNDMzN3Rzdw==

ඒ අනුව මේ දිනවල ඇය සහ ඇගේ පවුලේ සමාජිකයින් මාලදිවයිනට අයත් ෆෙයිදු දූපතේ dusitD2 Feydhoo නම් නිවාඩු නිකේතනයේ තම විවේකය ගත කරමින් සිටී. එහි ඡායාරූප එකතුවක් ඇය සමාජ මාධ්‍ය වෙත එක් කොට ඇත. එමෙන්ම ඇය විසින් එක් කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් වෙනත් වෙබ් අඩවි හරහා ද පළකොට තිබුණි.

https://www.news18.com/lifestyle/kajal-aggarwal-gives-travel-goals-with-her-maldives-vacation-pictures-ws-l-9540982.html

ඒ අනුව ජනප්‍රිය ඉන්දියානු නිළියක් වන කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection