Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ක්‍රිකට් ක්‍රීඩිකා උදේශිකා, ගමේ පිළිගැනීමේ උත්සවයට බස් රියේ ගියේ ඇයි?

Misleading
Misleading

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නිය උදේශිකා ප්‍රබෝධනි ආසියානු කුසලානය දිනා බස් එකේ ගෙදර යන තරමට අසරණ වී සිටින බව සඳහන් පෝස්ට් විශාල වශයෙක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 5, 2024

ආසියානු කාන්තා ක්‍රිකට් ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කර ගැනීමෙන් පසුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් පිළිබඳ වැඩි වශයෙන් කතාබහක් ඇති වී තිබෙන බැවින් මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට factseeker කටයුතු කළේය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇත් ද? යන්න පිළිබදව Factseeker සොයා බැලූ අතර ඉකුත් අගෝස්තු 04 වෙනි ඉරිදා දිවයින පුවත්පත ද මේ පිළිබද වාර්තා කර තිබිණි. “ක්‍රිකට් ගහලා කප් දිනලා පාරේ බස් එකේ ගිය උදේශිකා” එහි ප්‍රධාන ශීර්ෂ පාඨය වූ අතර “තාත්තා මුළු බර ඇද්දේ කුරුදු තලලා” යනුවෙන් උප ශීර්ෂ පාඨයක් ද තිබිණි.

උදේශිකා ප්‍රබෝධිනි උපන් ගමේ ඇය පිළිගැනීම සදහා උත්සවයක් සංවිධානය කර තිබිණි. එය සංවිධානය කළ උදේශිකාගේ පවුලේ සමීපතමයෙකු වූ චන්දික දිනේෂ්ගෙන් අපි මේ පිළිබද විමසීමක් කළෙමු.

එහිදී ඔහු පැවසුවේ, “උදේශිකා ප්‍රබෝධිනි අපි කියන්නේ සුද්දි අක්කා කියලා. මේ පිළිගැනිමේ වැඩසටහන මගේ අදහසක් ඒක සංවිධානය කරේ මම ඇතුළු දියපිටගල්ලන ප්‍රශක්ති තාරුණ්‍යය විසින්.

උදේශිකා අක්කගේ ගෙදර වාහන දෙකක් තියෙනවා. ඔය කියනවා වගේ දෙයක් මෙතන උනේ නෑ. එයා වාහන ඩ්‍රයිව් කරන්නේ නෑ. ඒ නිසා වාහන තියෙන්නේ ගෙදර එයාගේ මල්ලි යවලා ගෙන්න ගත්තා නම් අපේ වැඩේට එයා කැමති වෙන්නේ නෑ. ඒ නිසා හයි වේ බස් එකේ ගෙදර එන්න කියලා එයාට නොදැනි අපි වැඩේ කළේ. දුප්පත්කම කියන්නේ වෙන එකක් සරල කම තවත් එකක්” යනුවෙන් චන්දික දිනේෂ් ප්‍රකාශ කළේ ය.

පිළිගැනීමේ උත්සවය ඉතා සාර්ථකව පැවැත්වු බව සදහන් කළ ඔහු, උදේශිකා ප්‍රබෝධිනී සම්බන්ධයෙන් පළවන තොරතුරු අසත්‍ය බව සමාජ මාධ්‍ය සටහනක් තබා තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නිය උදේශිකා ප්‍රබෝධනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන ‌තොරතුරු සත්‍ය නොවන බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection