Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

False
False

කම්කරු දෙපාර්තමේන්තුවේ ආධාර වැඩසටහන, අපට සේවකයින් අවශ්‍යයි! නිවසේ සිට වැඩ කරන්න, යනුවෙන් සඳහන් කරන ලද වෙළඳ ප්‍රචාරණ කිහිපයක් රාජ්‍ය ලාංඡනය භාවිතා කරමින් ෆේස්බුක් හරහා හුවමාරු වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මැයි 9, 2025

මෙම ප්‍රචාරණ පෝස්ටුවල දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු සහ වෙළඳනාම සමග එක් වෙමින් කම්කරු අමාත්‍යාංශයේ බඳවා ගැනීමේ වේදිකාව යටතේ පුද්ගලයින්ට නිවසේ සිට කළ හැකි අර්ධකාලීන රැකියා ලබාදෙන බවත් ඒ සඳහා විවිධ ප්‍රමාණයන්ගේ වැටුප් ගෙවන බවත් සඳහන් කර තිබේ.

මෙම අනුග්‍රාහක ප්‍රචාරණ පළ කරන ලද ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කර බැලීමේදී ඒවා කිසිවක් ශ්‍රී ලංකාවේ පුද්ගල ගිණුම් නොවන බවත්, විදෙස් පුද්ගලයින්ගේ දත්ත ඇතුළත් ගිණුම් බවත් නිරීක්ෂණය විය. ඒ අනුව මෙම ප්‍රචාරණ දැන්වීම් සත්‍ය නොවන බවට කරුණු තහවුරු කළ හැකිය.

එසේම, එම පළ කිරීම්වල පහළින් සඳහන් Apply Now මත ක්ලික් කිරීමෙන් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටියි. ඒ අනුව මෙම පළ කිරීම් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සඳහා දියත් කරන ලද ස්කෑම් වංචනික උපක්‍රමයක් විය හැක.

නමුත් මේ පිළිබඳ වැඩිදුර කරුණු නිරීක්ෂණය කිරීමේදී එම ප්‍රචාරණ පෝස්ටුවලට ඇතැම් පුද්ගලයින් විසින් උනන්දුවක් දක්වන බව පෙනී යයි. ඒ ඔවුන් මේ පිළීබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටින ආකාරය අනුව ඒ බව පැහැදිලි වෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී අනාවරණය වූයේ, කිසිදු ආකාරයක වෙළඳ නාම හෝ බැංකු සමඟ එක්ව රැකියා ලබාදෙන බවට ප්‍රචාරණ ක්‍රියාවලියක් එම අමාත්‍යාංශය යටතේ නොකරන බවයි.

එසේම කම්කරු අමාත්‍යංශයේ වෙබ් අඩවිය තුළද වෙනත් රැකියා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබුණ ද මේ ආකාරයේ අර්ධකාලීන රැකියා ලබාදීම් පිළිබඳ කිසිදු විස්තරයක් සඳහන් නොවුණි.

මේ අනුව කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ බැංකු සහ වෙළඳ ජාලයන් සමග එක්ව අර්ධකාලින රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

මෙම අසත්‍ය ප්‍රචාරණයන් හරහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සඳහා කරන වංචනික උපක්‍රමයක් විය හැකි බව FactSeeker අවධාරණය කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

ජූලි 7, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

දෙහිවල සත්තු වත්තේ දිනුම් ඇදීමක් සිදු වෙනවාද?

ජූනි 25, 2025

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection