Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

False
False

කම්කරු දෙපාර්තමේන්තුවේ ආධාර වැඩසටහන, අපට සේවකයින් අවශ්‍යයි! නිවසේ සිට වැඩ කරන්න, යනුවෙන් සඳහන් කරන ලද වෙළඳ ප්‍රචාරණ කිහිපයක් රාජ්‍ය ලාංඡනය භාවිතා කරමින් ෆේස්බුක් හරහා හුවමාරු වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මැයි 9, 2025

මෙම ප්‍රචාරණ පෝස්ටුවල දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු සහ වෙළඳනාම සමග එක් වෙමින් කම්කරු අමාත්‍යාංශයේ බඳවා ගැනීමේ වේදිකාව යටතේ පුද්ගලයින්ට නිවසේ සිට කළ හැකි අර්ධකාලීන රැකියා ලබාදෙන බවත් ඒ සඳහා විවිධ ප්‍රමාණයන්ගේ වැටුප් ගෙවන බවත් සඳහන් කර තිබේ.

මෙම අනුග්‍රාහක ප්‍රචාරණ පළ කරන ලද ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කර බැලීමේදී ඒවා කිසිවක් ශ්‍රී ලංකාවේ පුද්ගල ගිණුම් නොවන බවත්, විදෙස් පුද්ගලයින්ගේ දත්ත ඇතුළත් ගිණුම් බවත් නිරීක්ෂණය විය. ඒ අනුව මෙම ප්‍රචාරණ දැන්වීම් සත්‍ය නොවන බවට කරුණු තහවුරු කළ හැකිය.

එසේම, එම පළ කිරීම්වල පහළින් සඳහන් Apply Now මත ක්ලික් කිරීමෙන් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටියි. ඒ අනුව මෙම පළ කිරීම් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සඳහා දියත් කරන ලද ස්කෑම් වංචනික උපක්‍රමයක් විය හැක.

නමුත් මේ පිළිබඳ වැඩිදුර කරුණු නිරීක්ෂණය කිරීමේදී එම ප්‍රචාරණ පෝස්ටුවලට ඇතැම් පුද්ගලයින් විසින් උනන්දුවක් දක්වන බව පෙනී යයි. ඒ ඔවුන් මේ පිළීබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටින ආකාරය අනුව ඒ බව පැහැදිලි වෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී අනාවරණය වූයේ, කිසිදු ආකාරයක වෙළඳ නාම හෝ බැංකු සමඟ එක්ව රැකියා ලබාදෙන බවට ප්‍රචාරණ ක්‍රියාවලියක් එම අමාත්‍යාංශය යටතේ නොකරන බවයි.

එසේම කම්කරු අමාත්‍යංශයේ වෙබ් අඩවිය තුළද වෙනත් රැකියා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබුණ ද මේ ආකාරයේ අර්ධකාලීන රැකියා ලබාදීම් පිළිබඳ කිසිදු විස්තරයක් සඳහන් නොවුණි.

මේ අනුව කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ බැංකු සහ වෙළඳ ජාලයන් සමග එක්ව අර්ධකාලින රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

මෙම අසත්‍ය ප්‍රචාරණයන් හරහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සඳහා කරන වංචනික උපක්‍රමයක් විය හැකි බව FactSeeker අවධාරණය කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection