Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

කන්කසන්තුරේ පැවති උද්ඝෝෂණය හමුදාවට දැක්වූ විරෝධයක්ද?

Misleading
Misleading

කළු කොඩි ඔසවාගෙන "මිනීමරු හමුදාව" ලෙස ආමන්ත්‍රණය කරමින් , යුධ හමුදාවට විරෝධය පළ කරන උද්ඝෝෂණයක වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වල සංසරණය වෙයි.

by Anonymous |

නොවැම්බර් 21, 2024

https://www.facebook.com/share/p/15VjLnrbc1/

https://m.facebook.com/story.php?story_fbid=pfbid02dnt2Xbmof4H3uodtprWtML8rQhX51vG77jiJdjL6LPt2EkzQ9mpFSi96VodZGACml&id=100072408004243&mibextid=CDWPTG

You Tube මාධ්‍ය හරහා ද හුවමාරු කර තිබෙන බව නිරීක්ෂණය විය.

මෙම උද්ඝෝෂණය  මැතිවරණය ඉලක්ක කර ගනිමින් හා හමුදාවට විරෝධය පාමින් සිදුකර ඇති බව අදහස් පළ කර තිබූ බැවින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව Factseeker සොයා බැලීය.

අදාළ වීඩියෝව විමර්ශනය කර බැලීමේදී  එය  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ෆේස්බුක් ගිණුමේ සජීවීව සමාජ ගත කර තිබෙන බව දැක ගත හැකි විය. ඔහුගේ ගිණුමේ මෙම වීඩියෝවට පෙර ද මෙවැනි උද්ඝෝෂණයක වීඩියෝවක් ද සමාජ ගත කර ඇති අයුරු දක්නට ලැබුණි.

https://www.facebook.com/share/v/15WxuAs9UF/

https://www.facebook.com/skajendren.mp.7/

මේ සම්බන්ධව දමිළ භාෂාවෙන් පළවන වෙබ් අඩවි වල ද පළ කර තිබුණේ මෙලෙසින්.

https://www.facebook.com/askmediadannews/videos/615838420874883

ඉකුත් නොවැම්බර් 15 වන දින Tamil Gurdian වෙබ් අඩවියේ  X ගිණුමේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

තවදුරටත් විමර්ෂණය කර බැලීමේදී මැයි මස 24 වන දින ද මේ සබන්ධව පළකිරීමක් සිදු කර තිබුණි

https://x.com/TamilGuardian/status/1795419579532898570

මෙම උද්ඝෝෂණය කන්කසන්තුරේ ප්‍රදේශයේ තෛයිට්ටි ප්‍රදේශයේ තිස්ස විහාරය පාදක කර ගෙන සිදුකර ඇත. මෙය අනවසරයෙන් ඉදිකර ඇති බවත් එම ඉඩම් , ඉඩම් හිමි ජනතාවට ලබා දෙන ලෙසත් විරෝධතාකරුවන් සඳහන් කරයි

මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාජා ගජේන්ද්‍රන්ගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, යාපනය තෛයිට්ටි ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ පෞද්ගලික ඉඩම් අයුතු ලෙස අල්ලා ගෙන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම විහාරය ඉදි කර ඇති බවයි.

එය මෙම ස්ථානයෙන්  ඉවත් කර එම ඉඩම , ඉඩම් හිමියන්ට ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වූ බවත්, මෙය 2023 මැයි මස 3 වන දින සිට සෑම පෝය දිනකම පැවැත්වෙන බවත් සෙල්වරාජා ගජේන්ද්‍රන් සඳහන් කළේ ය. මෙය රජයට එරෙහි විරෝධතාවක් නොවන අතර පසුගිය 14 සහ 15 යන දෙදින මෙම උද්ඝෝෂණය පැවැත්වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමේදී සඳහන් කළේ, මෙම ඉදිකිරීම ඉවත් කරන ලෙස කිසිදු පැමිණිල්ලක් අදාල පාර්ශව විසින් මේ වන තෙක් කර නොමැති බවයි. මෙය ඉකුත් යුද සමයේදී හමුදා සොල්දාදුවන් වෙනුවෙන් ඉදි කළ විහාරස්ථානයක් බවත් ඔවුන් වැඩිකුරටත් සඳහන් කළේ ය.

මෙම කරුණු විමර්ෂණය කර බැලීමේදී මෙය යුධ හමුදාවට විරුද්ධව හෝ මැතිවරණය ඉලක්ක කරගනිමින් කළ විරෝධතාවක් නොවන අතර මෙය වසරක පමණ කාලයක් මසකට වරක් අඛණ්ඩව කර ඇති බවත්  FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection