Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

ඖෂධවලට වැට් බද්ද ගැන මන්ත්‍රී මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍යයි.

Factual
Factual

බෙහෙත් සඳහා 18%ක වැට් බද්ද තවමත් පවත්වාගෙන යන බවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පෙරේදා (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

by Anonymous |

පෙබරවාරි 27, 2025

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ, එම ප්‍රකාශය සාවද්‍ය බවත් බෙහෙත් සඳහා වැට් බද්දක් අය නොකරන බවත්ය.

ඒ අනුව, රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාගේ හා අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාව FactSeeker පිරික්සා බැලීය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් ඔහු ආණ්ඩුවට චෝදනා කළේ, සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍යය සඳහා වැඩියෙන් මුදල් වෙන්කර ඇති බව ප්‍රකාශ කළත්, ලෙඩ්ඩු බෙහෙත් ගනිද්දී වත්මන් ආණ්ඩුව යටතේ ද 18% ක වැට් බද්දක් ගෙවීමට සිදුවීඇති බවයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊට ප්‍රතිචාර දක්වමින් අවධාරණය කළේ බෙහෙත් සඳහා වැට් බද්දක් පනවා ඇති බවට මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය අසත්‍ය බවයි. බෙහෙත් සඳහා වැට් බද්දක් පනවා නොමැති අතර දේශීයව නිෂ්පාදනය කරන බෙහෙත්වල ඇසුරුම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවලට පනවා තිබූ වැට් බද්ද ද ඉවත් කර ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

FactSeeker , මීට අදාළව 2023 අංක 32 දරන එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත සහ 2025 අයවැය කථාව පිරික්සා බැලූ විට පෙනී ගියේ 2023 අංක 32 දරන එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත මගින් 2024.01.01 දින සිට වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ සහ සේවා ලැයිස්තුවට ඖෂධ ද ඇතුළත් බවයි.

එම ලැයිස්තුවේ සැපයීම හෝ ආනයනය කිරීම නිදහස් වන භාණ්ඩ ලැයිස්තුවට, ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග (සුවඳ විලවුන් වර්ග), ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇතුළත් බව සවිස්තරාත්මකව සඳහන් වේ.

 

ඒ අනුව 2024.01.01 දින සිටම ඖෂධ සඳහා වූ 18% වැට් බද්ද ඉවත්වී ඇති අතර ‘බෙහෙත් සඳහා 18% ක වැට් බද්දක් මෙම රජය යටතේ ද පවත්වාගෙන යන බවට’ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කරන ලද පාර්ලිමේන්තු ප්‍රකාශය කරුණුමය වශයෙන් සාවද්‍ය එකක් බව සනාථ වේ.

එහෙත්,2024.01.01 දින සිට වැට් බද්දට යටත් අයිතම ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය තවදුරටත් ඇතුළත්ව තිබිණි.

2025 අයවැය කථාවේ IV වන ඇමුණුමේ එකතු කළ අගය මත බදු(VAT) සම්බන්ධයෙන් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන කිහිපයක් යෝජනා කර තිබූ අතර එහි දැක්වෙන එක් යෝජනාවක් ලෙස’ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව’ සඳහන් වේ.

ඒ අනුව, ඖෂධ පිළිබඳව පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී දක්වන ප්‍රතිචාරය නිවැරදි බවද FactSeeker වැඩිදුරටත් තහවුරු කරයි.

தமிழ்

|

ENGLISH

|

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

අප්‍රේල් 24, 2025

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

අප්‍රේල් 1, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection