Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • සෞඛ්‍ය

ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්කරණයෙන් පාලනය කළ නොහැකි බවට වෛද්‍ය පද්මා ගුණරත්න විසින් ප්‍රකාශ කළා ද?

False
False

“ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලින් පාලනය කරන්න බෑ.“

by Anonymous |

සැප්තැම්බර් 11, 2023

අප විසින් උක්ත පුවත සම්බන්ධව කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් එකී මාධ්‍ය හමුවේදී එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

එම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිළ ෆේස්බුක් පිටුවේ උඩුගත කර ඇති අතර එහිදී ඇය පවසන්නේ එන්නත්කරණය සඳහා වැඩි අවධානයක් ලබා දී බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.

තවද , අවුරදු 60ට වැඩි වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණ අඩු පිරිස විශේෂයෙන්ම බූස්ටර් එන්නත ලබා ගත යුතුව ඇති බව ඇය විසින් පැවසුවාය.

උක්ත පුවත සම්බන්ධව විමසීම සඳහා අප විසින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සම්බන්ධ කරගත් අතර ඇය පැවසුවේ එදින පළ වූ පුවතේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක් ඇය විසින් ප්‍රකාශ කර නොමැති බවයි. මෙම පුවත හේතුවෙන් එන්නත්කරණ වැඩ පිළිවෙලට බාධා ඇති වූ බවත් ඇය වැඩිදුරටත් පැවසු⁣වාය.

එබැවින්, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්කරණයෙන් පාලනය කළ නොහැක යනුවෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර නොමැත.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

අමිතාබ් බච්චන් මිය ගිය බව කියන පුවත් අසත්‍යයි

දෙසැම්බර් 26, 2024

p/ 500 නම් පැරසිටමෝල් වර්ගය මෙරරට ගෙන්වන්නේ නෑ.

නොවැම්බර් 13, 2023

මධ්‍යසාර හෘදයාබාධවලට මුළුමනින්ම අහිතකරයි

නොවැම්බර් 13, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection