ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්කරණයෙන් පාලනය කළ නොහැකි බවට වෛද්‍ය පද්මා ගුණරත්න විසින් ප්‍රකාශ කළා ද?

“ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලින් පාලනය කරන්න බෑ.“
by Anonymous |
සැප්තැම්බර් 11, 2023

අප විසින් උක්ත පුවත සම්බන්ධව කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් එකී මාධ්‍ය හමුවේදී එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
එම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිළ ෆේස්බුක් පිටුවේ උඩුගත කර ඇති අතර එහිදී ඇය පවසන්නේ එන්නත්කරණය සඳහා වැඩි අවධානයක් ලබා දී බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.
තවද , අවුරදු 60ට වැඩි වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණ අඩු පිරිස විශේෂයෙන්ම බූස්ටර් එන්නත ලබා ගත යුතුව ඇති බව ඇය විසින් පැවසුවාය.
උක්ත පුවත සම්බන්ධව විමසීම සඳහා අප විසින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සම්බන්ධ කරගත් අතර ඇය පැවසුවේ එදින පළ වූ පුවතේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක් ඇය විසින් ප්‍රකාශ කර නොමැති බවයි. මෙම පුවත හේතුවෙන් එන්නත්කරණ වැඩ පිළිවෙලට බාධා ඇති වූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
එබැවින්, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය විසින් ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්කරණයෙන් පාලනය කළ නොහැක යනුවෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර නොමැත.