Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

එමිරේට්ස් සමාගමේ ගුවන්‍ යානයක් අනතුරකට ලක් වුණා ද?

False
False

ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගිනි ගැනීමකට ලක්වන වීඩියෝවක් @miss_President නම් ට්විටර් ( X) ගිණුමක් හරහා හුවමාරු කර තිබේ.

by Anonymous |

දෙසැම්බර් 13, 2024

Emirates A6 EAP ලෙස හැඳින්වෙන මෙම ගුවන් යානය සැබවින්ම ගිනි ගැනීමකට ලක් වූයේද? යන්න පිළිබඳව FactSeeker නිරීක්ෂණය කළේ ය.

https://x.com/miss_prresident/status/1866442300722684332?s=46&t=7p4CLXtAH44oQQ-dqagsCg

FactSeeker ඒ පිළිබඳ කළ සොයා බැලීමේදී මෑතකාලීනව අරාබි එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් ගිනිගැනීමට ලක් වූ බව සඳහන් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හෝ  මාධ්‍ය වාර්තාවක් පළ වී නොතිබිණි.

මෙම වීඩියෝව තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එහි යම් යම් දෘශ්‍යමය ගැටළුකාරී තත්ත්වයන්  FactSeeker ට හඳුනා ගැනීමට හැකි විය. එ් මෙම වීඩියෝවේ ගුවන් යානයකට අමතරව මාර්ගයේ වාහන එහා මෙහා ගමන් කරමින් තිබීමයි. නමුත් ඇතැම් අවස්ථාවල පාරේ ගමන් කරමින් තිබෙන වාහන එකවරම නොපෙනී යාමක් (Invisible) නැති නම් අතුරුදහන්වීමකට ලක් වේ.  ඒ අනුව මෙය සත්‍ය වීඩියෝවක් නොවන බව තහවුරු කිරීමට සාධක පවතී.

මේ වන විට මෙවැනි වීඩියෝ  බොහෝ සංඛ්‍යාවක්  X (ට්විටර්) හි දැක ගැනීමට හැකි වේ. ඊට හේතුව නම්, මෙවැනි  වීඩියෝ නිර්මාණය  කිරීම සඳහා වර්තමානයේ  Gemini, X-Grok, Chat GPT වැනි ප්‍රමුඛපෙලේ AI වේදිකාවන් බිහි වී තිබීමයි. ඊට අමතරව Microsoft Flight Simulator 2020 වැනි මෘදුකාංග භාවිතා කරමින් මෙවැනි වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව Emirates A6 EAP ලෙස හැඳින්වෙන ගුවන්‍ යානයක්, පියාසර කරමින් පවතින අවස්ථාවක ගිනි ගැනීමට ලක්වන ආකාරය දක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය සජීවිකරණ නිර්මාණයක් බවත්  FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection