එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ හානිය සදහා වූ වන්දිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් ලබා දීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර තිබෙන බව
by Anonymous |
නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ හානිය සදහා වූ වන්දිය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් ලබා දීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉකුත් 25 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ කර තිබිණි.
නමුත් මෙම මුදල් ප්‍රමාණය ගැටලු සහගත බව සමාජ මාධ්‍යවල අදහස් හුවමාරු වෙමින් පැවැතිණි.
මේ හේතුව නිසා Factseeker මේ සම්බන්ධයෙන් ඇමැති විජේදාස රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, මෙම වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන අටලක්ෂ පන්දහසක් නොව ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක් ලෙස නිවැරදි විය යුතු බවය.
පාර්ලිමේන්තුවේදී හදිසියේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී සංඛ්‍යාලේඛන පරස්පරව ප්‍රකාශ වූ බව ඇමැතවරයා සදහන් කළේ ය.
අමාත්‍යවරයාට සිදුවූ අතපසුවීම නිවැරදි කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.