Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • ආර්ථික

උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2,000ක් වෙන් කළා ද?

Misleading
Misleading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2024 වසර සඳහා වන අයවැය ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

by Anonymous |

නොවැම්බර් 14, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2024 වසර සඳහා වන අයවැය ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම් සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පරස්පර විරෝධී දත්ත කිහිපයක් නිරීක්ෂණය කිරීමට factseekerට හැකි විය.

විශේෂයෙන්ම “ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු නැගෙනහිරට වැඩි ප්‍රතිපාදන වෙන් කෙරේ. උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2000ක් වෙන් කෙරේ: මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ” යනුවෙන් ට්විටර් සටහනක් තැබූ අයුරු දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් වීරකේසරි වෙබ් අඩවිය සහ එහි නිල ට්විටර් පිටුව උතුරු සහ නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීම සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කර ඇති බව සදහන් කර තිබිණි.

එමෙන්ම Battinews වෙබ් අඩවිය ද මෙම ප්‍රවෘත්තිය පළ කර තිබුණේ උතුරු නැගෙනහිරට රුපියල් බිලියන 2000 ක් වෙන් කර ඇති බව ය.http://(http://www.battinews.com/)

කෙසේ වෙතත් මේ පිළිබඳව factseeker සොයා බැලීමේදී පෙනී ගියේ මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිවල වැරදි ඇති බවයි.

මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 වසර සඳහා වන නිල අයවැය ප්‍රකාශනයේ උතුරු සහ නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීම සඳහා රජය බිලියන 2.0 (රුපියල් මිලියන දෙදහසක්) වෙන් කර ඇති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

නොවැම්බර් 14, 2023

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන්නේ ව්‍යාජ ලිපියක් – චීනය

නොවැම්බර් 14, 2023

MAS හෝල්ඩින්ග් සමූහයේ මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් නෑ.

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection