ඊලාම් කොඩිය සමග සිටි තරුණියගේ ඡායාරූපය ලංකාවේදී ගන්නා ලද එකක් නොවේ.
යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරේ දමිළ පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා සැමරුම් සිදුකරන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය විය. ඒවායේ යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදුකරන සැමරුම් සමග තරුණියක් විසින් එල්ටීටීඊ සංවිධානයේ කොඩිය ප්‍රදර්ශනය වන ආකාරයෙන් ගන්නා ලද ඡායාරූපයක් ඇතුළත් වී තිබුණි.
by Anonymous |
නොවැම්බර් 28, 2024
ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ටීටීඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයකි. එම නිසා එල්ටීටීඊ සංවිධානයේ ලාංඡන බැනර් හෝ කොඩි යොදාගනිමින් අනුස්මරණ සැමරුම් සිදු නොකරන ලෙස රජයෙන් ද පවසා තිබුණි.
කෙසේ වුවද උතුරේ සැමරුම් යනුවෙන් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි.
ඒ අනුව මෙම ඡායාරූපයෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ FactSeeker සොයා බලන ලදී.
මෙම ඡායාරූපය පිළිබඳ සොයා බැලීමේදී මෙම ඡායාරූපය උඩුගත කර තිබූ ෆේස්බුක් ගිණුම පරික්ෂා කරන ලදී. අප එම ගිණුම පිරික්සන අවස්ථාවේ එහි කිසිදු දත්තයක් නොතිබුණි.
https://www.facebook.com/profile.php?id=61569366599756
පසුව ඊට අදාලව යාවත්කාලීන කොට සකසනු ලැබූ වෙනත් ගිණුමක් සොයා ගැනීමට හැකිවිය.
https://www.facebook.com/jeanne.ammu
එහි සඳහන් ව තිබූ ආකාරයට ඇගේ පදිංචිය ප්‍රංශයේ බව සඳහන් විය. එසේම ඇගේ Instagram සහ TikTok ගිණුම් ද සොයාගැනීමට හැකිවිය.
https://www.instagram.com/jeanne.ammu/reels/
@ammu_ranjithkumar
මෙම ඡායාරූපය උඩුගත කර තිබුණේ මැයි 20 වනදාය. ඒ අනුව එම කාල වකවානුව ආසන්නයේ ප්‍රංශයේ පැවති එල්ටීටීඊ සැමරුම් උත්සව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී tamil Guardian වෙබ් පිටුවේ සඳහන් ව තිබූ සැමරුම් උත්සවයක් පිළිබඳ අවධානය යොමු විය. මැයි 18 වනදා මෙය Clichy හි පැවතුන බව එහි සඳහන් විය.
https://www.tamilguardian.com/content/french-tamils-commemorate-tamil-genocide-remembrance-day
ඒ අනුව මෙම උත්සවය පැවතුණු ස්ථානය පිළිබඳ පරික්ෂා කිරීමේදී de la republique සහ de la bataile යන ස්ථාන හඳුනා ගැනීමට හැකිවිය.
https://www.ville-clichy.fr/88-place-de-la-republique-clichy.htm
ඒ අනුව google map ආධාරයෙන් එම ස්ථාන පිරික්සීමේදී මෙම ඡායාරූපය ගෙන තිබූ ස්ථානය පැහැදිලි විය. ඒ අනුව එය මෙම සැමරුමේ අවසානය වන de la bataile හිදී ගෙන තිබූ බව පැහැඳිලි විය.
ඒ අනුව මෙම ඡායාරූපය ලංකාවේ උතුරු ප්‍රදේශයේ පැවතුණු සැමරුම් අවස්ථාවකදී ගන්නා ලද එකක් නොවන අතර එය ප්‍රංශයේ Clichy හිදී ගන්නා ලද එකක් බව FactSeeker තහවුරු කරගන්නා ලදී.