Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය ගැන අසත්‍ය ප්‍රවෘත්ති

Misleading
Misleading

ඉරාන - ඊශ්‍රායලය පසුගිය 14 වෙනි දින ලක්වූ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර මාධ්‍යවලට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍යවලට වැදගත් පුවතක වූයේ ය.

by Anonymous |

අප්‍රේල් 19, 2024

මෙම ප්‍රහාරයෙන් පසු මේ වන විට ද යුද ආතතිය පවතින අතර ඒ පිළිබඳ පුවත් සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙම ප්‍රහාරය පිළිබඳ තහවුරු කරන ලද ප්‍රවෘත්ති සහ වීඩියෝ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුවද, අසත්‍ය ප්‍රවෘත්ති, නොමඟ යවන වීඩියෝ සහ ඡායාරූප හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

මෙහිදී වැඩි වශයෙන් හුවමාරු වූ වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් හඳුනාගෙන පැහැදිළි කිරීමට Factseeker උත්සාහයක යෙදුනි.

විශේෂයෙන්ම ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පලස්තීනයේ අල්-අක්සා පල්ලිය ඉදිරිපිට පලස්තීන ජනතාව සමරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම X අඩවියේ හුවමාරු වෙමින් පැවතිනි.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=LdFMTm1QcNM

පසුගිය 14 වැනිදා ඉරානය – ඊශ්‍රායලයට ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයක් එල්ල වූ එදින රාත්‍රියේ සිදුවූ සිදුවීමක් ලෙස මෙය බෙදා හැරියත් මේ හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නැත.

පලස්තීන ජනතාව අල්-අක්සා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පසුගිය 05 වෙනිදා රැස්වී  උත්සවයක් පැවැත්වූ අවස්ථාවේදී මෙය සිදුව ඇති බව බොහෝ දෙනෙකු මෙම වීඩියෝව හුවමාරු කර ගෙන ඇත.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=YMTvAZM-Hls

එසේම, යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිල දියත් කළ බව කියන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම වීඩියෝව ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේදී ගත් වීඩියෝවක් නොවන අතර මෙය 2015 දෙසැම්බර් 15 වැනිදා සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවකි.

එමෙන්ම ඊශ්‍රායලයට ඩ්‍රෝන් මිසයිල ප්‍රහාර එල්ල කරන බව කියන ඡායාරූපයක් ද මේ වන විට වැඩි වශයෙන් හුවමාරු වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම ඡායාරූපය AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති ඡායාරූපයකි.

අසත්‍ය ප්‍රවෘත්ති, ව්‍යාජ ඡායාරූප සහ වීඩියෝ සමාජයට විශාල බලපෑමක් ඇති කරන බව Factseeker  දිගින් දිගටම අවධාරණය කරන අතර, ඉරාන-ඊශ්‍රායල් ප්‍රහාරයේදී පවා AI තාක්‍ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ, වැරදි ලෙස බෙදාගත් වීඩියෝ සහ ඡායාරූප සමාජය ග්‍රහනය කර ගන්නා බව Factseeker  තහවුරු කර තිබේ.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection