Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය ගැන අසත්‍ය ප්‍රවෘත්ති

Misleading
Misleading

ඉරාන - ඊශ්‍රායලය පසුගිය 14 වෙනි දින ලක්වූ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර මාධ්‍යවලට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍යවලට වැදගත් පුවතක වූයේ ය.

by Anonymous |

අප්‍රේල් 19, 2024

මෙම ප්‍රහාරයෙන් පසු මේ වන විට ද යුද ආතතිය පවතින අතර ඒ පිළිබඳ පුවත් සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙම ප්‍රහාරය පිළිබඳ තහවුරු කරන ලද ප්‍රවෘත්ති සහ වීඩියෝ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුවද, අසත්‍ය ප්‍රවෘත්ති, නොමඟ යවන වීඩියෝ සහ ඡායාරූප හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.

මෙහිදී වැඩි වශයෙන් හුවමාරු වූ වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් හඳුනාගෙන පැහැදිළි කිරීමට Factseeker උත්සාහයක යෙදුනි.

විශේෂයෙන්ම ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පලස්තීනයේ අල්-අක්සා පල්ලිය ඉදිරිපිට පලස්තීන ජනතාව සමරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම X අඩවියේ හුවමාරු වෙමින් පැවතිනි.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=LdFMTm1QcNM

පසුගිය 14 වැනිදා ඉරානය – ඊශ්‍රායලයට ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයක් එල්ල වූ එදින රාත්‍රියේ සිදුවූ සිදුවීමක් ලෙස මෙය බෙදා හැරියත් මේ හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නැත.

පලස්තීන ජනතාව අල්-අක්සා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පසුගිය 05 වෙනිදා රැස්වී  උත්සවයක් පැවැත්වූ අවස්ථාවේදී මෙය සිදුව ඇති බව බොහෝ දෙනෙකු මෙම වීඩියෝව හුවමාරු කර ගෙන ඇත.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=YMTvAZM-Hls

එසේම, යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිල දියත් කළ බව කියන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම වීඩියෝව ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේදී ගත් වීඩියෝවක් නොවන අතර මෙය 2015 දෙසැම්බර් 15 වැනිදා සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවකි.

එමෙන්ම ඊශ්‍රායලයට ඩ්‍රෝන් මිසයිල ප්‍රහාර එල්ල කරන බව කියන ඡායාරූපයක් ද මේ වන විට වැඩි වශයෙන් හුවමාරු වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම ඡායාරූපය AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති ඡායාරූපයකි.

අසත්‍ය ප්‍රවෘත්ති, ව්‍යාජ ඡායාරූප සහ වීඩියෝ සමාජයට විශාල බලපෑමක් ඇති කරන බව Factseeker  දිගින් දිගටම අවධාරණය කරන අතර, ඉරාන-ඊශ්‍රායල් ප්‍රහාරයේදී පවා AI තාක්‍ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ, වැරදි ලෙස බෙදාගත් වීඩියෝ සහ ඡායාරූප සමාජය ග්‍රහනය කර ගන්නා බව Factseeker  තහවුරු කර තිබේ.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection