Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

Misleading
Misleading

අද දෙරණ සිංහල X ගිණුමේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පසුගිය 13 වනදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින් පළ කර ඇති වීඩියෝවේ ඇතුළත් පළමු දර්ශනය නොමගයවනසුලු බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි

by Anonymous |

ජූනි 16, 2025

ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සහ හමුදා ප්‍රධානීන් ඉලක්ක කර ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් පසුගිය 13 වනදා මිසයිල ප්‍රහාර එල්ල කළේ ය. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර කර ඇත.

යුධ ක්‍රියා උත්සන්න වීම සමග සමාජ මාධ්‍ය ඔස්සේ එම ගැටුම්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංසරණය වෙමින් පවතී. එසේ ශ්‍රී ලංකාව තුළ සංසරණය වන දර්ශන සම්බන්ධයෙන් FactSeeker අවධානයෙන් පසුවන අතරතුර, අද දෙරණ සිංහල, X ගිණුමේ පළ කළ වීඩියෝවක් වෙත අපගේ විශේෂ අවධානය යොමු විය.

එය මෙතැනින් – https://x.com/adaderanasin/status/1933344491886555502

 

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින්, X සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඇති වීඩීයෝ දර්ශන කිහිපයක් එකට එක් කර එම වීඩියෝව සකස් කර තිබිණි.

එහි ඇතුළත් එක් එක් දර්ශන රූප මූලාශ්‍ර සෙවුම් මෙවලම් යොදාගෙන පරීක්ෂා කිරීමේදී එහි පළමු තත්පර 16 හි ඇතුළත් වීඩියෝව පසුගිය 13 වනදා ඉරානයට එල්ල කළ ප්‍රහාරයට අදාළ දර්ශනයක් නොවන බව FactSeeker අනාවරණය කර ගත්තේය.

එම වීඩියෝව, 2025 මැයි මාසයේදී ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරයේ දර්ශන ලෙස මෙන්ම, 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයේ දර්ශන ලෙස ද විවිධ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර ඇති අන්දම FactSeeker නිරීක්ෂණය කළේය.

ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ප්‍රංශ පුවත් ඒජන්සියේ (AFP Middle East & North Africa) කරුණු පරීක්ෂා කිරීමේ අංශය සිදු කළ තත්කාලීන කරුණු විමර්ශනයක් අපට නිරීක්ෂණය විය.

එය මෙතැනින් – https://factcheckarabic.afp.com/doc.afp.com.44XY4CP සහ මෙතැනින්.https://factcheck.afp.com/doc.afp.com.44WM2T3

එමගින් කරුණු පරීක්ෂා කර තහවුරු කර තිබුණේ, එම තත්පර 16 ක වීඩියෝව 2024 ඔක්තෝබර් මස 1 වැනි දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාරයකට අදාළ දර්ශන වන බවයි.

 

ඒ අනුව, අද දෙරණ සිංහල X ගිණුමේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පසුගිය 13 වනදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින් පළ කර ඇති වීඩියෝවේ ඇතුළත් පළමු දර්ශනය නොමගයවනසුලු බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection