Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

Misleading
Misleading

අද දෙරණ සිංහල X ගිණුමේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පසුගිය 13 වනදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින් පළ කර ඇති වීඩියෝවේ ඇතුළත් පළමු දර්ශනය නොමගයවනසුලු බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි

by Anonymous |

ජූනි 16, 2025

ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සහ හමුදා ප්‍රධානීන් ඉලක්ක කර ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් පසුගිය 13 වනදා මිසයිල ප්‍රහාර එල්ල කළේ ය. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර කර ඇත.

යුධ ක්‍රියා උත්සන්න වීම සමග සමාජ මාධ්‍ය ඔස්සේ එම ගැටුම්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංසරණය වෙමින් පවතී. එසේ ශ්‍රී ලංකාව තුළ සංසරණය වන දර්ශන සම්බන්ධයෙන් FactSeeker අවධානයෙන් පසුවන අතරතුර, අද දෙරණ සිංහල, X ගිණුමේ පළ කළ වීඩියෝවක් වෙත අපගේ විශේෂ අවධානය යොමු විය.

එය මෙතැනින් – https://x.com/adaderanasin/status/1933344491886555502

 

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින්, X සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඇති වීඩීයෝ දර්ශන කිහිපයක් එකට එක් කර එම වීඩියෝව සකස් කර තිබිණි.

එහි ඇතුළත් එක් එක් දර්ශන රූප මූලාශ්‍ර සෙවුම් මෙවලම් යොදාගෙන පරීක්ෂා කිරීමේදී එහි පළමු තත්පර 16 හි ඇතුළත් වීඩියෝව පසුගිය 13 වනදා ඉරානයට එල්ල කළ ප්‍රහාරයට අදාළ දර්ශනයක් නොවන බව FactSeeker අනාවරණය කර ගත්තේය.

එම වීඩියෝව, 2025 මැයි මාසයේදී ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරයේ දර්ශන ලෙස මෙන්ම, 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයේ දර්ශන ලෙස ද විවිධ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර ඇති අන්දම FactSeeker නිරීක්ෂණය කළේය.

ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ප්‍රංශ පුවත් ඒජන්සියේ (AFP Middle East & North Africa) කරුණු පරීක්ෂා කිරීමේ අංශය සිදු කළ තත්කාලීන කරුණු විමර්ශනයක් අපට නිරීක්ෂණය විය.

එය මෙතැනින් – https://factcheckarabic.afp.com/doc.afp.com.44XY4CP සහ මෙතැනින්.https://factcheck.afp.com/doc.afp.com.44WM2T3

එමගින් කරුණු පරීක්ෂා කර තහවුරු කර තිබුණේ, එම තත්පර 16 ක වීඩියෝව 2024 ඔක්තෝබර් මස 1 වැනි දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාරයකට අදාළ දර්ශන වන බවයි.

 

ඒ අනුව, අද දෙරණ සිංහල X ගිණුමේ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පසුගිය 13 වනදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර බව දක්වමින් පළ කර ඇති වීඩියෝවේ ඇතුළත් පළමු දර්ශනය නොමගයවනසුලු බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

ජූලි 9, 2025

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

ජූලි 4, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection