Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

False
False

ඉන්දියාව විසින් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාව පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවත්, ඒ හේතුවෙන් එම නෞකාවට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වෙයි.

by Anonymous |

මාර්තු 12, 2026

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි විසින් කරන ලද සංවාදයකදී (Raisina Dialogue) මෙම ප්‍රකාශය කළ බව එම වීඩියෝව මගින් අඟවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උණුසුම්කාරී තත්ත්වයක් පවතින පසුබිමක මෙම වීඩියෝව අන්තර්ජාලය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

එම වීඩියෝවේ ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙසේ පවසන අයුරු නිරූපණය කර ඇත:

“අපි ඉරානයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. ඊශ්‍රායලය අපේ සමීප මිතුරෙක්. ඉරාන නාවික නෞකාව ගිල්වා දැමීම අවාසනාවන්තයි, නමුත් එය සිදු වූයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදීයි. ඉරාන නෞකා ඉන්දීය මුහුදු සීමාවේ පවතින තාක් ඒවා ආරක්ෂිතයි. නමුත් ඒවා ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වූ විට, ඊශ්‍රායලයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස නව ගිවිසුමකට අනුව එහි නිවැරදි පිහිටීම ඊශ්‍රායලයට දැනුම් දීම අපේ වගකීමක්.”

එමෙන්ම, ඉරාන නෞකා විනාශ වූයේ, ඉන්දීය සීමාව තුළ බව සිතීම වැරදි බවත්, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් නොමැති බවත්, ඉන්දියාවේ අවධානය පවතින්නේ, පකිස්ථානය කෙරෙහි පමණක් බවත් ඔහු පවසන අයුරින් මෙම වීඩියෝව සකස් කර ඇත.

 වීඩියෝව පිළිබඳ දේශපාලන ප්‍රතිචාර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත:

” ඉන්දීය හමුදාවේ ප්‍රධානියා මේ වන විට මාධ්‍යට කියලා තියෙනවා ඉන්දීය වෙරළ තීරයේ ඉන්දීය යාත්‍රා ටික යනකම් ආරක්ෂිතව සිටියා,ජාත්‍යන්තර මුහුදු සීමාට ගියාට පස්සේ, ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර තිබෙන උපායමාර්ගික ගිවිසුමකට අනුව ඒ නැව තියෙන ස්ථානය පිළිබඳව ඉන්දියාව ඊශ්‍රායලයට ඔත්තුව දුන්නා කියලා. ඒ කියන්නේ හරියට තමන්ගේ මගුල් ගෙදරට එන්න කියලා යන්න ඇරලා ගැහුවා වගේ.

ඉන්දියාව ඒ ඉරාන යාත්‍රාවලට කළ දුෂ්ට ක්‍රියාවෙන් පරිප්පුව කන්න වුණේ, ලංකාවට. මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන තත්ත්වයට ඉන්දියාව පත් වෙලා.”

විමල් වීරවංශ මහතාගේ මෙම ප්‍රකාශය හිරු රූපවාහිනී පුවත්වල මෙන්ම තිනකුරල් පුවත්පතේ මුල් පිටුවේ ද ප්‍රධාන පුවතක් ලෙස පළ විය.

එය මෙතැනින් – https://www.youtube.com/watch?v=EN5_bTYzuJI

FactSeeker විමර්ශනය

ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙවැනි ප්‍රකාශයක් කළ බවට පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන් FactSeeker සිදුකළ විමර්ශනයේදී තහවුරු වූයේ එය ‘Deepfake’ (කෘතිම බුද්ධිය හරහා සකස් කළ ව්‍යාජ) වීඩියෝවක් බවයි.

සැබෑ පසුබිම කුමක්ද?

2026 මාර්තු 7 වැනිදා පැවැති ‘රයිසිනා සංවාදය’ (Raisina Dialogue) වැඩසටහනේ සැබෑ වීඩියෝවේදී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි සහභාගී වූයේ ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන් (ORF) හි උප සභාපති හර්ෂ් වී. පාන්ට් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකටයි. එහිදී ඔහු සම්පූර්ණයෙන්ම කතා කළේ පකිස්ථානයෙන් එල්ල වන ආරක්ෂක අභියෝග සහ ඉන්දියාවේ දේශසීමා ආරක්ෂාව පිළිබඳව පමණි. ‘Operation Sindoor’ මෙහෙයුමෙන් පසුව පකිස්ථානයේ හැසිරීමේ විශාල වෙනසක් නොමැති බවත් ඉන්දියාව අවදියෙන් සිටිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

එම සාකච්ඡාවේදී ඉරාන නෞකාවක් පිළිබඳව කිසිදු සඳහනක් නොවීය.

https://x.com/i/status/2030809702733692985

AI තාක්ෂණය භාවිතා කරමින් මෙම වීඩියෝව විකෘති කර මහජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇත. ඉන්දීය රජයේ ප්‍රවෘත්ති කාර්යාංශයේ (PIB) සත්‍ය සෙවීමේ ඒකකය ද මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය Deepfake වීඩියෝවක් බවත් නිල වශයෙන් තහවුරු කර ඇත.

නිගමනය:

ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි ඉරාන නෞකාවක තොරතුරු පාවා දුන් බවට පැතිර යන වීඩියෝව, ඩිජිටල් ක්‍රමයට සකස් කළ ව්‍යාජ (Deepfake) වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි. ඒ අනුව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයන් මෙම ව්‍යාජ වීඩියෝව පදනම් කරගෙන සිදුකළ ඒවා බව පැහැදිලිය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection