Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

False
False

ආරුගම්බේ වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින්ට බිකිනි (කාන්තා නාන ඇඳුම්) ඇඳීම තහනම් බව දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය පළකිරීම් ගණනාවක් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

මැයි 27, 2025

මේ පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු අංශ කිසිවක් මූලාශ්‍ර කරගෙන නොමැති බව නිරීක්ෂණය කළ FactSeeker කණ්ඩායම එම සමාජ මාධ්‍ය සටහන්වල කරුණු පරීක්ෂා කිරීමට කටයුතු කළේය.

බිකිනි ඇඳීමේ තහනම පිළිබඳ හුවමාරු වන සටහන් සමග එක්තරා නිවේදනයක ආකාරයෙන් සකස් කළ ඡායාරූපයක් පළ කර තිබිණි.

එය පහතින්.

තහනම් බව සංඥා කිරීම සඳහා යොදා ගන්නා සම්මත සංකේතය සමග “NO BIKINI” යන පාඨය එහි විශාල අකුරින් දැක්විණි. එහි අන්තර්ගතයේ සඳහන් වන පෙළෙහි සරල සිංහල පරිවර්තනය මෙසේය.

“හිතවත් සංචාරකයිනි,

ආරුගම්බේ වෙත සාදරයෙන් පිළිගනිමු! ඔබ මෙහි සිටීම පිළිබඳ අප සතුටු වන අතරම ඔබගේ පැමිණීම සැබැවින්ම අගය කරමු. අපගේ දේශීය සංස්කෘතියට ගරු කිරීමක් වශයෙන්, පොදු අවකාශයන්හි (ස්ථානවල) බිකිනි ඇඳීමෙන් වළකින ලෙසට අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සම්ප්‍රදායන් කෙරෙහි ඔබ දක්වන ගෞරවය අපගේ ප්‍රජාවට ඉමහත් වූ දෙයකි.

ඔබේ අවබෝධයට ස්තුතිවන්ත වන අතර සුන්දර ආරුගම්බේහි ඔබේ කාලය ඔබ භුක්ති විඳිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

උණුසුම් සුබ පැතුම්,
ප්‍රදේශවාසී ජනතාව.
ආරුගම්බේ, පොතුවිල්.”

මෙම ඡායාරූපය පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී එය “Nowzad Arugam-Bay” නමැති ෆේස්බුක් ගිණුම හරහා මුල් වරට මුදාහැර ඇති බවට නිරීක්ෂණය විය. පසුව ඔහු විසින්ම එම පෝස්ටුව සිය ගිණුමෙන් ඉවත් කර ඇති අතර, කාරුණික ඉල්ලීමක් “Haha” ප්‍රතිචාර රාශියකට හේතු වූ බව තවත් ෆේස්බුක් සටහනක් ඔස්සේ පළ කර ඇත.

ආරුගම්බේ වෙරළ තීරයේ බිකිනි තහනම පිළිබඳ හුවමාරු වන පෝස්ටු සමග හුවමාරු වන තවත් ඡායාරූපයක් FactSeeker නිරීක්ෂණය කළේය.

“East Sri Lanka Surf Community” නමැති පොදු ෆේස්බුක් සමූහයක “Hm Mohamed Imam” නමැති ගිණුමකින් ඡායාරූපයක් සහිතව එය පළ කර තිබේ.

අදාළ ඡායාරූපය මගින් “NO BIKINI ON STREET” යන පෙළ විශාල අකුරින් සටහන් කර ඇති අතර, ඊට පහළින් “දේශීය ප්‍රජාවගේ සංස්කෘතිය හා වටිනාකම්වලට කරුණාකර ගරු කරන ලෙසත්, වීදිවල උචිත ඇඳුම් අඳින ලෙසත්” දක්වා ඇත.

එම පෝස්ටුවේ ඡායාරූප සටහනේ සරල සිංහල පරිවර්තනය මෙසේය.

“අපේ රට එහි ලෙන්ගතුකම, ආගන්තුක සත්කාරය සහ ගැඹුරු සංස්කෘතික මූලයන් සඳහා ප්‍රසිද්ධය. ලොව පුරා සිටින සංචාරකයන් අපි පිළිගන්නා අතරම, අපගේ දේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන්ට ගරු කරන ලෙස සැමට කරුණාවෙන් සිහිපත් කර දෙමු.

🚫 පොදු මාර්ගවල බිකිනි ඇඳීම අපගේ සංස්කෘතික වටිනාකම්වලට අනුකූල නොවේ. වෙරළ සඳහා වෙරළ ඇඳුම් තබා ගනිමින් පොදු ස්ථානවල විනීතව (ඇඳුම්) අඳිමු.

එක්ව, සැබෑ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය පෙන්වමින් අපගේ ප්‍රජාවන්ගේ ගෞරවය ආරක්ෂා කර ගත හැකිය.”

බිකිනි ඇඳීම තහනම් බව හුවා දක්වමින් හා එසේ අර්ථකථන ලබාදෙමින් හුවමාරු වූ පළකිරීම් බොහොමයක මූලාශ්‍රය වූ මෙම පෝස්ටුවල අන්තර්ගතයේ එසේ බිකිනි ඇඳීම තහනම් බවට කිසිදු නීතිමය විධානයක් ඉස්මතු කර නොතිබිණි. හුදෙක් පොදු ස්ථානවල බිකිනි ඇඳීමෙන් වැළකී විනීත ලෙස ඇඳුම් අඳින ලෙස ප්‍රදේශවාසීන් සිදු කරන ඉල්ලීමක් වශයෙන් එය දැක්විණ.

කෙසේ වෙතත් එම පළකිරීම්වල ඇතුළත් රූපික ප්‍රකාශන(සංකේත) තුළින් “තහනම් බව” සන්නිවේදනය වීමේ හැකියාව පවතින බව අපට නිරීක්ෂණය විය.

වෙරළ තීරයේ පමණක් නාන ඇඳුම් අඳින ලෙසත්, වෙරළ තීරයෙන් බැහැර පොදු ස්ථානවල, මංමාවත්වල නාන ඇඳුමින් සිටීමෙන් වළකින ලෙසත් සඳහන් පුවරු ආරුගම්බේ, හික්කඩුව ඇතුළු ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකම පෙර සිටම ප්‍රදර්ශනය වන බව අපගේ විමර්ශනයේදී තවදුරටත් අනාවරණය විය. ඉහත පෝස්ටුව සමග පළ කර ඇත්තේ ද එවැනි පුවරුවක ඡායාරූපයකි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු රාජ්‍ය ආයතන කිසිවක් මෙවැනි තහනමක් සම්බන්ධයෙන් නිවේදනය කර නොමැති බව අපගේ කරුණු විමර්ශනයේදී තහවුරු විය.

මේ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ඊයේ (26) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේ මෙම බිකිනි තහනම සම්බන්ධයෙන් හුවමාරු වන තොරතුරු සාවද්‍ය බවයි.

සති කිහිපයකට පෙර එක්තරා පුද්ගලයෙක් ප්‍රධාන මාර්ගයේ නිරුවතින් ඇවිද යාමේ සිදුවීමක් වාර්තා වන බවත්, එය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී සිදුවීමක් ද? යන්න සම්බන්ධයෙන් සැක පළ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වසර ගණනක සිට පවත්වාගෙන එන බවත්, මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය හා ආගමික විශ්වාසයන් පිළිබඳව රජයේ පූර්ණ ගෞරවය තිබෙන බවත් එහිදී නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුවේ සබැඳිය මෙතැනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌‌ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග අද (27) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ මෙම සිදුවීමට පාදක වූ සමාජ මාධ්‍ය පළකිරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බවත්, කිසිසේත් ඇඳුම්වල සීමා පැනවීමක් හෝ එවැනි තහනමක් පැනවීමක් සිදු කර නොමැති බවත් සංචාරකයින්ට නිදහසේ පැමිණ එහි කටයුතු කළ හැකි බවත්ය. එමෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව හෝ රජය හෝ පොලීසියේ මැදිහත්වීමෙන් එවැනි දැනුම්දීමක් කර නොමැති බව ඔහු පැවසීය.

ඒ අනුව ආරුගම්බේ වෙරළ තීරයේ බිකිනි ඇඳීම තහනම් බවට දැක්වෙන පෝස්ටු අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

යළි භාවිතයට නිර්දේශ කළ ඖෂධය කෙහෙළියගෙ බාල බෙහෙත නෙවෙයි

ජූනි 3, 2025

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

ජූනි 2, 2025

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

මැයි 21, 2025

හයේෂිකා ප්‍රනාන්දු උපකාරක පන්ති දේශකවරිය ඇගේ පිළිම අලෙවි කර නෑ

මැයි 19, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection