Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදහත්වීමෙන් පොලිස් ලොක්කෙකුගේ මාරුවක් වුණා ද?

Misleading
Misleading

"ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් පොලිස් ලොක්කෙකුට ගමට මාරුවක්" යන ශීර්ෂයෙන් යුතු පුවතක් ඉකුත් 11 දා 'අරුණ' පුවත්පත වාර්තා කර තිබිණි. එය උපුටා දක්වමින් විවිධ පුවත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු කිහිපයක් ඔස්සේ එයට ප්‍රචාරයක් ලබා දී තිබිණි.

by Anonymous |

ඔක්තෝබර් 18, 2024

FactSeeker මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කළේය.

2024.10.11 සිකුරාදා දින අරුණ පුවත්පත වාර්තා කළ එම පුවත මෙසේය.

“සහකාර පොලිස් අධිකාරිවරයකුට ඔහුගේ ගමට පත්වීමක් දීමේ අරමුණෙන් අනුරාධපුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා මන්නාරමට මාරු කර යැවීමේ සිද්ධියට ආණ්ඩුවේ දේශපාලනඥයකු මැදිහත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට දුන් නිර්දේශ මත එම ස්ථාන මාරුව ක්‍රියාත්මක වී තිබේ.

පොලිස් අධිකාරි ආර්. එස්. ධර්මදාස අනුරාධපුර කොට්ඨාසයේ සිට මන්නාරම කොට්ඨාසයටත්, සහකාර පොලිස් අධිකාරි පී. එල්. විතාන මන්නාරමේ සිට අනුරාධපුරයටත් මාරු කර ඇත.

ඊට අමතරව පොලිස් අධිකාරි එම්. ගුණවර්ධන මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාසය වෙතත්, සහකාර පොලිස් අධිකාරි සී. ඒ. පුල්වංශ හලාවත කොට්ඨාසයටත් මාරු කර තිබේ.

පොලිස් නිලධාරියකු විශ්‍රාම ගැනීමට වසර දෙකක් තිබියදී තමන් පදිංචි ප්‍රදේශයට පැමිණීමට අවසර ඇතත් මෙම පත්වීම රජයේ දේශපාලන ප්‍රබලයකුගේ ඉල්ලීම මත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.”

 

මේ පිළිබඳව FactSeeker පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූවගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු සඳහන් කළේ, මෙම ස්ථාන මාරුවීම් මීට මාස කිහිපයකට පෙර අනුමත කර තිබූ ස්ථාන මාරුවීම් බවයි. මැතිවරණ සමයක් පැවති නිසාත් එම ස්ථාන මාරුවීම් පිළිබඳ පණිවිඩ යැවීම මැතිවරණ කොමිසමේ අනුමැතිය මත සිදු කළ යුතු වන නිසාත්  මෙම පණිවිඩ යැවීම ප්‍රමාද වූ බව ඔහු සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මීට අදාළ අනුමැතිය ලැබී තිබූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳව FactSeeker ජාතික පොලිස් කොමිසමෙන් විමසීමක් කළේය. එහිදී අදාළ ස්ථාන මාරු සම්බන්ධයෙන් වත්මන් වැඩබලන පොලිස්පතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඊට අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ එවකට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක බවත් එහිදී ජාතික පොලිස් කොමිසම අනාවරණය කළේ ය.

2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය 2024.07.26 දින මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. එදින සිට ජනාධිපතිවරණ කාලසීමාව ආරම්භ විය. මැතිවරණ සමයකදී රාජ්‍ය සේවයේ ඇතැම් පත්වීම්, උසස්වීම්, මාරුවීම් සම්බන්ධ අනුමැතිය ලබාගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීම පවතින ක්‍රියා පටිපාටිය වෙයි.

Factseeker මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමෙන් විමසීමක් කළෙමු. 2024.07.26 දින අදාළ පොලිස් අධිකාරීවරුන්ගේ සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට අනුමැතිය ලබාගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ බව ජාතික පොලිස් කොමිසම එහිදී ප්‍රකාශ කළේය.

ඉකුත් 15 වෙනි දින පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම ස්ථාන මාරුවීම් වත්මන් රජය බලයට පත්වීමට පෙර සිදු වූවක් බවයි.

එදින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ, මෙම ස්ථාන මාරුවීම් මාස ගණනාවකට පෙර සිදු කරනු ලැබූ බවත් මැතිවරණය සමයක් වූ බැවින් ඊට අදාළ පණිවිඩ යැවීම මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මෑතකදී සිදු කිරීමට කටයුතු කර ඇති බවත්ය.

ඒ අනුව මෙම පොලිස් ස්ථාන මාරුවීම් සිදුවීම වත්මන් රජය බලයට පැමිණීමට පෙර සිදු වී ඇති අතර, එය “ආණ්ඩුවේ මැදිහත්වීමකින්” සිදු වූ බව දැක්වෙන මාධ්‍ය වාර්තා නොමග යැවීම සඳහා පළ කළ පුවත් බව ද FactSeeker තහවුරු කරයි.

එමෙන්ම, මෙම ස්ථාන මාරුවීම් වත්මන් වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක වී තිබෙන බවට දැක්වෙන වාර්තා ද අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection