Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

Misleading
Misleading

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්ම දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට" ආචාර්ය ධම්ම දිසානායකගේ ඡායාරූපයක් සහිතව පසුගිය 10 වනදා 'දිවයින' වෙබ් අඩවියේ පුවතක් පළ වී තිබිණි.

by Anonymous |

මැයි 14, 2025

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් “ධම්මික දසනායක” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් එළැඹෙන 15 වනදා සිට ඉල්ලා අස්වන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් 2025 – 05 – 10 දින පුවත් පළ කර තිබිණි. එම පුවත් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.

කෙසේ වෙතත් දිවයින පුවත්පතේ වෙබ් අඩවියේ දැක්වුණේ එම තනතුරේ කටයුතු කළ “ධම්ම දිසානායක” ඉල්ලා අස්වී ඇති බවටයි.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මෙම ප්‍රවෘත්තිය සිය ෆේස්බුක් පිටුවේ පෝස්ටුවක් පළ කරමින් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබෙන බව ද FactSeeker නිරීක්ෂණය කළේය.

මංජුල ගජනායක සිය පෝස්ටුව සමග එම පුවතේ ඡායාරූපයක්(screenshot) පළ කර තිබූ අතර එහි සිරස්තලයෙන් දැක්වුණේ, “ධම්ම දිසනායක ලේකම් ධුරය එපා කියයි” යනුවෙනි.

Google Reverse Image Search හරහා අප කළ පරීක්ෂාවේදී එවැනි පුවතක් දිවයින වෙබ් අඩවිය පළ කර ඇති බවට අපට නිරීක්ෂණය කළ හැකි වූ අතර මේ වන විට එය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවට තහවුරු විය.

දිවයින වෙබ් අඩවිය 2025.05.12 වෙනි දින ඒ සඳහා නිවැරදි කිරීමක් සහිතව පුවතක් පළ කර තිබිණි. එයින් දැක්වුණේ 2025 – 05 – 10 දින පළ වූ පුවතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක යන නම වෙනුවට, ධම්ම දිසානායක යන නම සටහන් වී තිබූ බවත් එය ප්‍රමාද දෝෂයක් බවත්ය.

ඒ අනුව, 2025 – 05 – 15 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක බව FactSeeker සනාථ කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

අප්‍රේල් 24, 2025

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

අප්‍රේල් 1, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නැයි අගමැතිනිය නියෝග කළා ද?

මාර්තු 14, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection