Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අශේන් සේනාරත්න කොළඹින් ගත් ඡන්ද සංඛ්‍යාව 08 ද?

False
False

"ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන අශේන් සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් තරග කළ යතුරු කැරැල්ලේ ස්වාධීන කණ්ඩායම දිනාගත් ඡන්ද සංඛ්‍යාව 08ක්" බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එම පළකිරීම මත පදනම්ව වෙනත් උපහාසාත්මක පෝස්ටු ද නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනු FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 20, 2024

ඒ අනුව මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

අශේන් සේනාරත්න කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් යටතේ ඉදිරිපත් කළ මුල්ම නාමයෝජනා පත්‍රය බලය නොමැති අයෙකු විසින් භාරදීම යන හේතුව මත ප්‍රතික්ෂේප විය.

ඉන් අනතුරුව ඔහු සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කර තිබුණේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් යතුරු කැරැල්ල ලකුණින් තරග වදින ස්වාධීන කණ්ඩායම වෙත ඡන්දය ලබා දී ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරන ලෙසයි.

https://www.facebook.com/share/r/1B6VApzctQ/

කොළඹ දිස්ත්‍රික්කයෙන් යතුරු කැරැල්ල ලකුණින් තරග කළේ, ස්වාධීන කණ්ඩායම් අංක 15 යි. එම ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂක ලැයිස්තුව තුළ අශේන් සේනාරත්නගේ නම ඇතුළත් වන්නේද යන්න අපි විමසා බැලුවෙමු.

එහි ඔහුගේ නම ඇතුළත් නොවන බව අපට තහවුරු විය.

ස්වාධීන කණ්ඩායම් අංක 15 කණ්ඩායම් නායක ලෙස ආචාර්ය සසිඳු මහානාම මහ මැතිවරණයට තරග කර තිබේ. ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී පහත Newsfirst පුවත් ආවරණය නිරීක්ෂණය විය.

https://www.facebook.com/share/r/12DkPXfXG4P/

එම මාධ්‍ය හමුව මගින් දැක්වුණේ අදාළ ස්වාධීන කණ්ඩායමේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලෙස අශේන් සේනාරත්න ඇතුළත්ව සිටින බවයි.

ඒ අනුව ස්වාධීන කණ්ඩායම් අංක 15 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ස්වාධීන කණ්ඩායම් අංක 15 ඡන්ද 1792 ක් ලබාගෙන ඇත.

එම නිල ප්‍රතිඵලය මෙතැනින්

https://election.news.lk/parliamentary-election-2024/colombo/colombo-district-final

මෙම කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 08 කි.

එම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙතැනින් – https://election.news.lk/parliamentary-election-2024/colombo/colombo-ds-postal-vote

ඒ අනුව අශේන් සේනාරත්න ජාතික ලැයිස්තුව නියෝජනය කළ යතුරු කැරැල්ල ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම දිනාගත් ඡන්ද සංඛ්‍යාව 08 ක් බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection